චීනයේ නිරිත දිග චොන්ග්ක්වින්ග් පළාතේ පෙර පාසලක සිදුවූ පිහි ප්‍රහාරයකින් දරුවන් 14දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මුළුතැන්ගෙයි භාවිතා කරන පිහියක් අතින් ගත් කාන්තාවක් පාසලට ඇතුළු වී ක්‍රීඩා කරමින් සිටි දරුවන්ට ප්‍රහාර එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම කාන්තාව 39හැවිරිදි ලියු නම් තැනැත්තියක් ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර ඇය අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රහාරය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම කාන්තාව විසින් රජයට එරෙහි අදහස් සමාජ මාධ්‍යජාල තුළ පලකර තිබූ බවයි.
කෙසේ වුවද ළමුන් දෙදෙනකු මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පලවී ඇති පුවත පොලිසිය ප්‍රතික්ෂේප කර ඇත.
අනෙක් රටවලට සාපේක්ෂව චීනයේ මෙවන් අපරාධ ඉතා අඩුවෙන් සිදු වුවත් පසුගිය වසර කිහිපයේ ප්‍රාථමික පාසල් තුළ මෙවැනි පිහි ප්‍රහාරයන් දාමයක් සිදුවූ බව මාධ්‍ය වාර්තා කර ඇත. මේවා බොහොමයක් මානසික ව්‍යාධි සහිත පුද්ගලයන් විස්න් සිදු කරන ලද ඒවා ලෙසද සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd