IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


චීනය දරුවන් දෙන්නකුට ඉඩ දෙයි

චීනයේ විවාහවූ යුවළකට එක් දරුවකු පමණක් සිටිය යුතුයි යන නීතිය වෙනස් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි එරට ෂින්හුවා පුවත් ඒජන්සිය ප්‍රකාශ කරයි.

ඒ අනුව චීන යුවළකට දරුවන් දෙදෙනකු සිටීමේ අවස්ථාව උදාවී ඇත.

එක් දරුවකුට පමණක් සීමා විය යුතුයි යන විවාදාත්මක රජයේ ප්‍රතිපත්තිය 1979 වසරේදී ඉදිරිපත් කෙරිණි. චීනයේ ජනගහණ වර්ධන වේගය සීමා කිරීම එහි අරමුණ විය. ලොව වැඩිම ජනගහණයක් වෙසෙන රට චීනය වීම ඊට හේතුවයි. වර්තමානයේ චීන ජනගහණය කෝටි 138 ක් වේ.

කලකට පසු ජනවිකාශ විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් උද්ගතව ඇති සමාජ පිරිවැය ඉහළ යාම හා වැඩකරන සංඛ්‍යාව පහත වැටීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලටගෙන  චීනයේ ඇතැම් ප්‍රාන්තවල මෙම නීතිය ලිහිල් කෙරුණි.



අදහස් (0)

චීනය දරුවන් දෙන්නකුට ඉඩ දෙයි

තිළිණ Wednesday, 04 November 2015 12:15 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඉමාම් අලි Tuesday, 03 November 2015 09:51 AM

හවස් යාමයට ගාලු මුවදොර පිට්ටනියට ගිහින් ටිකක් රෑ වෙනකල් හිටියොත් සැමටම තේරෙයි අතුලගේ කතාව හරි කියලා. (ර)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 02 November 2015 08:40 AM

අතුලගේ අදහසට මමත් එකගයි. (ර)

:       0       0

උපාලි Saturday, 31 October 2015 07:07 AM

මෙය හොඳ තීරණයක්. ලස්සන ගැහැනු දැරියක ඉන්න දෙමව්පියනට වුණත තවත් දඟකාර කොලු පැන්චෙක් ඕන වෙන්න පුළුවන්. (අ)

:       0       0

ලංකා Sunday, 01 November 2015 04:10 AM

අතුලට හොදටම පිස්සු! මෝඩ කතා කියන්න එපා. (බ)

:       0       0

අමිල Sunday, 01 November 2015 03:42 PM

එක දරුවෙක් කියන ප්‍රතිපත්තිය වෙන කට්ටියකට විතරක් කරන්න ඕන (බ)

:       0       0

උදුල් Sunday, 01 November 2015 06:39 AM

ලංකා නමින් ඉන්නේ අරාබියෙන් මෙහෙට ආපු කෙනෙක් වගේ! (බ)

:       0       0

අතුල Friday, 30 October 2015 08:59 AM

අපේ රටටත් ඔය වගේ ප්‍රතිපත්තියක් ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා අනාගතේ!(ම)

:       0       0

සිරා Sunday, 01 November 2015 05:21 PM

ඒ රටවල් වල නායකයන් ඉදිරියේ ඇතිවන ප්‍රශ්න දැකල, උත්තර දැන්ම දෙනවා. එකටත් එක්ක අපේ රටේ අය(රේ)

:       0       0

සොපි Saturday, 31 October 2015 10:47 AM

ස්වභාව දහමට පිටු පෑම තාවකාලික ප්‍රතිලාභ ගෙන දුන්නත් දිගුකාලීනව අසාර්ථකයි . (අ)

:       0       0

අතුල Saturday, 31 October 2015 01:03 PM

සෑම්,මෙහෙ කණගාටු වෙන්න සිදු වෙනවා එක්තරා ජනකොට්ටාසයක් පමණක් වේගයෙන් වැඩිවී නොයෙකුත් අතුරු ප්‍රශ්න වලට මුල පිරිම නිසා.උදාහරණ ලෝකේ වටේ ඇත! (බ)

:       0       0

සෑම් Friday, 30 October 2015 08:50 PM

අතුල , මම ඔබගේ අදහස ගැන කණගාටු වෙනවා. චීනයට තව ටික කාලයකදී විශාල වැඩිහිටි ජනගහණයක් ඇතිවෙන අතර එහිදී මධ්‍යම වයස පසුකළ එක පුද්ගලයෙකු තමාගේ පවුල හැර තවත් වැඩිහිටියන් දෙදෙනෙකු නඩත්තු කළයුතු තත්වයට පත්වෙනවා. (නි)

:       0       0

සෙනරත් Saturday, 31 October 2015 01:33 PM

දියුණු රටවලින් ණයට මුදල් ගෙන රටේ මිනිසුන් හට කන්ට නොදී ආර්ථිකය දියුණු කිරීමේ හිඟන ප්‍රතිපත්තියෙන් ඇත් වී රටේ වැඩි ජන බලයක් මගින් රට තුළ සංවර්ධනය දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site