චීනයේ නැගෙනහිර ජියැන්සු පළාතේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් තවත් කිහි‍පදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මාර්ගයේ ගමන්ගත් මෝටර් රථ තුනක් මතට පාලම කඩාවැටී ඇති අතර එම අවස්ථාවේ පාලම මතින් ගමන් ගත් වාහන හතරක් ද අනතුරට ලක්වී ඇත.

පොලිසිය පවසන්නේ පාලමට යටවූ මෝටර් රථ දෙකක ගමන්ගත් තිදෙනකු එලෙස මරණයට පත්වී ඇති බවයි.

පාලම කඩාවැටීමට හේතුව අනාවරණය වී නොමැති බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)