චීනයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් යැන්සි ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ ගංවතුරින් සහ නායයෑම් වලින් 180 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
පළාත් හතකට මහ වැසි ඇදෙ හැලෙන අතර ප්‍රදේශ කිහිපයකට කුණාටු තත්වයක්ද ඇති වී තිබේ.
ස්වභාවික විපත් නිසා අතුරුදන් වූ ගණන 45ක් පමණ වෙති. මිලියන 33කට අධික ප්‍රමාණයක් අවතැන් වී සිටින බවද සදහන් වේ. දුම්රිය මාර්ග ජලපහරට ගසාගෙන ගොස් තිබෙන අතර මහා මාර්ගද ජලපහරින් අධික ලෙස හානියට පත්ව තිබේ.
එම ප්‍රදේශ වල ගමනාගමනය සම්පුර්ණයෙන්ම අඩාල වී තිබේ.
ගෘහස්ත ක්‍රීඩාංගනයක් මුළුමනින්ම ජලයෙන් යටවිණි. ගුජෝයි පළාතේ සිදුවූ නාය යාමක් හේතුවෙන් 23 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ. වර්ෂාව සහිත කාලගුණය තවත් දින දෙකක් පමණ පැවතිය හැකි බව එරට කාලගුණ දෙපාර්තුමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd