IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


“චිත්‍රපට බලන්න පෙර ජාතික ගීය අනිවාර්යයි“

ඉන්දියාවේ සියලුම සිනමාශාලා චිත්‍රපට දර්ශනයක් ආරම්භ කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවත් ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී ජාතික කොඩියත් ප්‍රදර්ශනය කළ යුතු බවත් ඊට ප්‍රේක්ෂකයන් නැගී සිට ආචාර කළ යුතු බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය   (30) නියෝග කළ බව වාර්තා වෙයි.. 

එම නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් ඉන්දියානුවන් තුළ දේශප්‍රේමීත්වයත් ජාත්‍යාලයත් ගොඩනැගෙනු ඇතැයි ද එම නියෝගය දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධීකරණය ප්‍රකාශ කළේය. 

දීපක් මිශ්‍රා සහ අමිතාවා රෝයී යන විනිසුරුන්ගෙන් සමන්විත  ද්විත්ව විනිසුරු මඬුල්ලක් විසින් එම තීන්දුව දුන් අතර ජනතාව තම මාතෘභූමියට ආදරය ප්‍රකාශ කළ යුතු කාලය එළැඹ ඇතැයි ද ඔවුහු එහිදි කීහ. 

“ජනතාවට මේ මගේ රට යන හැඟීම ඇතිවිය යුතුයි. මෙය මගේ මාතෘභූමියයි. ඔබ සියල්ලටම කලින් ඉන්දියානුවෙක්. අනෙක් රටවල ඔබ සීමා කිරීම් හා නීතිවලට ගරුකළ යුතුයි. එහෙත් ඉන්දියාවේදී ඒ සඳහා නීති අවශ්‍ය වන්නේ නැහැ” යැයි විනිසුරු මිශ්‍රා පැවසීය. 

අංක 1951 ජාතික ගෞරවය අපහාස කිරීම වැළැක්වීමේ පනත යටතේ ජාතික ගීය වාදනය වන විට එය ගායනය කිරීම හෝ ඊට ගෞරව දැක්වීම හෝ සෑම පුරවැසියකුගේම වගකීම හා යුතුකම යැයි ද විනිසුරුවරයෝ කීහ. 

 



අදහස් (0)

“චිත්‍රපට බලන්න පෙර ජාතික ගීය අනිවාර්යයි“

චන්න බුවනක Wednesday, 30 November 2016 03:08 PM

අප කුඩා කල සිනමා ශාලාවකට ගියාම ඔය කියන දේවල් හැමදේම සිද්ධ වුණා (බ)

:       0       0

නුවන් Wednesday, 30 November 2016 03:37 PM

ලංකාවේ ජාතික ගීය භාෂා ගණනකින් කියල චිත්‍රපටිය පටන් ගන්නකොට එලි වෙලා තියේවි! (බ)

:       0       0

මිනිපෙ Wednesday, 30 November 2016 04:44 PM

ජාතික ගීයේ සහ චිත්‍රපටය අතර සම්බන්ධතාවය කුමක්ද? ආගම හා සංස්කෘතිය බලෙන් මහජනයාට ගිල්වන්න එපා. (නි)

:       0       0

සිරි Thursday, 01 December 2016 09:55 AM

ප්‍රාදේශීය වශයෙන් කොපමණ වෙනස්කම් නුරුස්සනකම් තිබුනත් ඉන්දියානුවන් අතර ජාතික හැගීම ඉතාම ඉහලයි. ක්‍රීඩා, සිනමාව, උත්සව ඒ ජාතික හැගීම ඔවුන් අතර තීව්‍ර කරනවා. අපේ අය අතර එහෙම එකක් නැහැ. (ර)

:       0       0

උපාලි Friday, 02 December 2016 04:15 PM

1980 පමණ වනතෙක්ම ආපේ රටේ සිනමා ශාලා වල ඔය හොඳ ආදර්ශය තිබුනා. ඉන්පස්සේ අපේ රටේ නායකයෙක් කිවුවනේ සාහිත්‍යය, සංස්කෘතිය කන්නද කියලා. ඉතින් ඊට පස්සේ රට විවෘත වුණා ඕනෑ දෙයකට. නරක හැමදේම පිටින් ආවා. අපි අපේ හොඳ දේවල් අකුලා ගත්තා. එකට අපි කිවුවා දියුණුව කියලා. (නි)

:       0       0

මනුර Friday, 02 December 2016 02:02 AM

ජාතියාලය ඇති කිරීමට ගත් සාර්ථක උත්සහයක්. (ර)

:       0       0

ඇසළ Thursday, 01 December 2016 01:08 PM

චිත්‍රපටිය පටන්ගන්න ඉස්සෙලා සිංහලෙන් කියල චිත්‍රපටිය අවසාන උනාම දෙමලෙන් කිවුව නම් හරි. නිදහස් දවසේ කලා වගේ. ලෝකෙම හිනස්සන වැඩ. (ර)

:       0       0

රුවන් Thursday, 01 December 2016 05:25 AM

මිනිපේ, නුඹ කරන හැමදේටම සම්බන්ධයක් තියනවද. ජාතියක අභිමානය කියන්නේ කොන්ද පණ ඇති බවට ළකුණක්. ජාතියක් ජන්මයක් අභිමනයක් නැති අයට කොන්දක් නැහැ (නි)

:       0       0

තුසිත Thursday, 01 December 2016 05:39 AM

ලංකාවෙත් මෙය නැවත කළයුතුය (නි)

:       0       0

ජගත් Thursday, 01 December 2016 05:57 AM

රට,ජාතිය,ආගම,සංස්කෘතිය ගැන හැඟීමක් නැති එකා නරුමයෙක්. (බ)

:       0       0

අකිල Thursday, 01 December 2016 05:57 AM

රුවන්, ජාතිය ආගම කියන සංකල්ප මිනිසුන්ට බලෙන් ගිල්ලවන්න යාම අවශ්‍ය වියයුතු නැහැ. ඉන් මිනිසුන්ට ඒවා එපාවිය හැකියි. ‍(නි)

:       0       0

දිල්ෂාන් Thursday, 01 December 2016 06:50 AM

අකිල,මිනිපෙ, ජාතිය ආගම කියන සංකල්ප මිනිසුන්ට බලෙන් ගිල්ලවන එක නොවෙයි මෙතන තියෙන්නේ. එහෙම කළාට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ තුළින් වක්‍රව ජනමතය වෙනස් කළහැකියි (නි)

:       0       0

එෂාන් Friday, 02 December 2016 05:18 AM

සෙනග එන්නෙම නැති සිංහල චිත්‍රපටිවලට මොන ජාතික ගීද ? (ර)

:       0       0

ලංකා Thursday, 01 December 2016 07:15 AM

අනුවණ නොගැළපෙන වැඩක්. ජාතික ගීයට අවමානයක් වෙන එක තමයි වෙන්නේ මේකෙන්. (නි)

:       0       0

බමුණු Friday, 02 December 2016 05:22 AM

ආගම හා සංස්කෘතිය බලෙන් මහජනයාට ගිල්වන්න එපා. (ර)

:       0       0

බටුගෙදර Thursday, 01 December 2016 07:46 AM

දැන් නිල් චිත්‍රපට වලටත් ජාතික ගීය ගයයි. නිකන් බාල්දුවෙන වැඩ මේවා. ඉන්දියාවේ අනාගතයේ තේ කඩේටත් ගෙනෙයි කන්නබොන්න කලින් හිටගෙන කියන්න කියන නීතිය (නි)

:       0       0

සේරම් Thursday, 01 December 2016 08:05 AM

ඉන්දියාවේ තවත් මෝඩ වැඩක් (නි)

:       0       0

නුවන් Wednesday, 30 November 2016 01:16 PM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (බ)

:       0       0

මිනිපෙ Thursday, 01 December 2016 06:43 PM

රුවන්, ඔබ ජාතිය ගැන ආඩම්බර විය යුතු නැහැ. මේ ලොව හැම කෙනෙක්ම බිහිවී ඇත්තේ යම්කිසි ජාතියකට සම්බන්ධවයි. ජාතියකට ගරු කිරීමට නීතිරීති අවශ්‍ය නැ. ගරුකළ යුත්තේ මෙලොව අන් අයටයි. මා කරන හැම දෙයකටම සම්බන්ධයක් නැතුව ඇති. නමුත් එය මගේ පුද්ගලික ක්‍රියාවක්. මේ නීතිය සමුහ මහජනයාට බලකිරීමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site