තායිවානයේ භූගත ගෑස් නලයක කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීම්වලින් කාඕසියුම් නගරයේ මියගිය සංඛ්‍යාව 24 ක් දක්වා වැඩිවී ඇත. තුවාල ලැබූ සංඛ්‍යාව 270 අධිකය. මියගිය අය අතර ගිනි නිවන භටයන් හතර දෙනකු සිටින අතර ආපදා සේවකයන් 22 ක් තුවාල ලබා ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග පවසයි. අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව අවිනිශ්චිත බව ගිනි නිවන ඒකකයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පවසයි.
පිපිරීමෙන් ඇතිවූ ගින්න තවමත් පැතිරයමින් පවතී. ගෑස් පිපිරීම සිදුව ඇත්තේ මලාපවාහන පද්ධතියක් අතරිනි. තවමත් තැන තැන ගිනිගන්නා බව ද එරට රජය දැනුම් දී තිබේ. මේ ගින්න මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ නගර රැසකින් ගිනි නිවන සේවකයන් කැඳවා ඇත. පිපිරීමට පැය ගණනකට පෙර ගෑස්වල සුවඳ දැනී ඇතැයි විමර්ශන වාර්තාවල දැක්වේ.
බ්‍රහස්පතින්දා රාත්‍රිය පුරාම ඇතිවූ ගින්න තවමත් සම්පූර්ණයෙන් ම මැඩ පවත්වා නැත. ගින්න සමග තැන තැන පිපිරීම් ද සිදුව ඇත. පිපිරීමකට හසු වූ කාරයක් තට්ටු තට්ටු තුනක ගොඩනැගිල්ලක් මත රැඳී තිබිණි. පිපිරීමකට හසුවූ පුද්ගලයන් දෙදෙනකුගේ පිළිස්සුනු මළ සිරුරු තට්ටු හතරක ගොඩනැගිල්ලකින් සොයාගෙන තිබිණි.
එම දිස්ත්‍රික්කයේ සියළුම පාසල් හා රජයේ කාර්යාල වසා දමා ඇතැයි තායිවාන් රජය පවසයි.
2025 දෙසැම්බර් මස 04
328
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෑස් කාන්දුවකින් තායිවානයේ පිපිරීම් රැසක්
සංජීව Friday, 01 August 2014 07:49 AM
මෙවන් විපත් සිදු නොවේවා! තුවාල වුවන්ට ඉක්මන් සුවය ලැබේවා (නදී)