IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ග්වාතමාලාවේ ෆුවෙගෝ ගිනිකන්ද පුපුරා 25ක් මරුට

ග්වාතමාලාවේ, ෆුවෙගෝ ගිනි කන්ද පුපුරායෑමෙන් 25දෙනකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
ග්වාතමාලා නගරයට කිලෝමීටර් 40ක් දුරින් පිහිටි ගිණි කන්දෙන් කළු දුම් සහ අලු පිටවෙමින් පැවති අතර හදිසියේම අසල පිහිටි ගම්මානයක් වෙත ලාවා ගලා ඒම නිසා නිවෙස් තුළ සිටි පුද්ගලයන් බොහෝ දෙනකු පිළිස්සී මියගොස් ඇතැයි එරට ආපදා කළමණාකරන කාර්යාංශය පවසයි. මියගිය අය අතර දරුවන් කිහිපදෙනෙක් ද  සිටින බව වාර්තා වී ඇත.
 
කන්දෙන් අලු පිටවීම හේතුවෙන් ග්වාතමාලා නගරයේ පිහිටි ගුවන් තොටුපළද වසා දමා ඇති අතර ජනාධිපතිවරයා විසින් රටතුළ  හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. 
 
බොහෝ පිරිසක් ආපදාවට පත්වී ඇති අතර කන්දෙන් පිටවන අලු සහිත දුමාරය අනතුරුදායක වියහැකි බැවින් මුවවැසුම් පැළඳගෙන සිටින ලෙස ජනතාවට උපදෙස් දී ඇත. 1974 වර්ෂයෙන් පසු සිදුවූ දරුණුම පිපිරීම මෙය බව බලධාරීහු පවසති.
 
(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (0)

ග්වාතමාලාවේ ෆුවෙගෝ ගිනිකන්ද පුපුරා 25ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site