එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ශක්තිමත් පියවර ගන්නා ලෙස ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ ලෝක නායකයන්ට අවධාරණය කරති.
වතිකානයට රැස් වූ ආණ්ඩුකාරවරුන් හා නගරාධිපතිවරුන් අමතමින් පාප්වහන්සේ මේ බව සඳහන් කළහ. ඔවුහු දේශගුණික විපර්යාස මැඞීම සඳහා වන ප‍්‍රඥප්තියකට ද අත්සන් කළහ. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් නිසා ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත්, පරිසරයට සිදුවන හානියත් අවම කිරීමට ඇති අවසන් අවස්ථාව මෙය බවත් පාප්තුමෝ එහිදි ප‍්‍රකාශ කළහ.
ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, නූතන වහල් බව පාප්තුමෝ සම්බන්ධ වූ සම්මේලනයේ තේමාව විය. දරිද්‍රතාවටත් බලෙන් සිදුවන අනවසර සංක‍්‍රමණයටත් හේතුවී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය බව මෙහිදි කළ කරන ලද කරුණු දැක්වීමකදී අනාවරණය විය.
දෙසැම්බර්යේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට මේ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට වතිකානයට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය. පැරිසියේදී පැවැත්වෙන දේශගුණික සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය මැඩීම සඳහා එකඟතාවකට පැමිණීමට නියමිතය.
සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් අනවසර සංක‍්‍රමණයත් අතර ඇති සබඳතාව පිළිබඳ කරුණු දක්වනු ඇතැයි ද තමා ට පැරිසියේ පැවැත්වෙන සමුළුව සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ඇතැයි ද පාප්තුමෝ එහිදි පැවැසූහ. එක්සත් ජාතීන් මේ සම්බන්ධයෙන් දැඩි හා ශක්තිමත් පියවර ගත යුතු යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
COMMENTS
සියල්ල මවල අන්තිමට ගෝලීය උණුසුම අඩුකරන්න එක්සත් ජාතීන්ගේ පිහිට පතනවා (බ)
ගාමිණී, ආගමික මතවාද ප්‍රශ්න කිරීම නිරික්ෂණය කියන්නේ දෙකකක්. ඔබ අමෙරිකාවේ පැත්තේ අවොත් බලාගන්න පුළුවන් කොහොමද ආගමික මත දෙවියන්ව මිනිස්සු විද්‍යාව ප්‍රශ්න කරන හැටි (බ)
සමාවෙන්න නොදන්නා නිසයි අහන්නේ. මට තියන ප්‍රශ්නය දෙවියන් වහන්සේ ලොව වැවුයේ කොහි සිටද යන්නය (නදී)
පහන්, ආගම විහිලුවට ගන්න එපා. (ර)
පාප් වහන්සේට තේරෙන ටික අපේ සිංහලයාට නොතේරෙන එකයි දුක ...අනවසර සංක්‍රමනිකයන්ගේ සංඛ්‍යාව රටේ මූලික ජන කොට්ඨාසය අභිබවා යෑමට ආසන්නයි....ඒත් අපේ නිවටුන් හීන දකිනවා... බුදුදුහම ලෝකයේ විද්වතුන් සත්‍යයක් කොට පිළිගෙන හමාරය ...දෙවියන් වහන්සේ දේශනා කළ දෙයක් මතද...පාප්වහන්සේගේ...මතයක් මතද...ගෝලීය උෂ්නත්වය ඉහල යෑමට අනවසර සංක්‍රමනිකයන් හේතුපාදක වන්නේ යන්න ප්‍රහේලිකාවක් මසිත උපදී.......විද්‍යාත්මකය හේතුඑළය අභිබවා සංක්‍රමනිකයන් විසින් ලෝකයට කරන මේ අනිටු විපාකය පිලිබඳ ...මුළුමහත් ලෝකයම අවදියෙන් සිටිය යුතුය ....(බ)
හේතුඵල දහමක් ඉගෙන ගත්තු මට ඔය සර්ව බලධාරී දෙවියන් තේරෙන්නේ නැහැ .බුදුහාමුදරුවෝ කලනුරුපව මිනිසා ඇතිවුයේ කෙසේද සහ ලෝකය බිහිවුයේ කෙසේද චක්‍රාවාට අනන්ත ප්‍රමාණයක් ඇති බව ,විවිධ ජීවින් විශ්වයේ ජිවත්වන බව ඝහ වස්තු ගින්නෙන් දැවියන බව කොටින්ම පෘතුවි ගෝලය ගින්නෙන් දැවියන බව ඇතුළු කාරණා රාශියක් නවීන විද්‍යාව ට පෙර බුදුහාමුදුරුවෝ අග්ගඤ්ඤ සූත්‍රයේ කියලා තියනවා .ඉතින් මම කලාම සුත්‍රයත් කියවලා තියනවා .ඔන්න තේරෙන අයට තේරේවි .බුදුදහම තම තමන්ගේ නැණ පමණින් වටහා ගතයුතු දහමක් . (ර)
බුදුදහම නම් ප්‍රශ්න කරන්න කරන්න බැබලෙනවා වැඩිය ඕනේ නැහැ ශාස්තෘවරයාණන්වත් ප්‍රශ්න කරන්න පුළුවන් බුදුන්ගේ කාලෙත් එහෙමලු .(ම)
රුක් සිටුවීම නව-වන උයන් සැදීම දිවා රෑ පින් සිදුවන දේ වේ. (ර)
දෙවියන් වහන්සේ ලෝකය මවල එහි පාලනය මිනිසාට බාර කලා. මිනිසා ස්වභාවධර්මයට අභියෝග කරමින් නොහික්මුණ ලෙස පාලනය කලොත් දෙවියන් වහන්සේ ඒ අයට බරපතල ප්‍රතිවිපාක ලබාදෙනවා. ස්වභාව ධර්මය රැකගන්න උත්සහ කරන්න. (ර)
ස්වර්වබලධාරී දෙවියන් වහන්සේට යාඥා කරලා බැරිවෙයිද මුකුත් කරගන්න ඕකට ? (බ)
ලක්මාලි ගිය ඉස්කෝලේ මොකද්ද දන්නේ නැහැ නේ ?දරුවෙක්ව හරි ඒකට යවන්න ඕනේ . (අ)
හිරන්ත, ඔයාටත් දෙවියෝ මතක් වෙන වෙලාවක් එ්වි. එතකන් ඉවසන්න. (නදී)
අනේ රෝහණ, අද නවීන ලෝකයේ දෙවියෝ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඔයා තාම ගල් යුගේ ජීවත් වෙන්නේ.(නදී)
පහනෝ මගේ මිතුරේ ඔබතුමා හරි දෙවියන් වහන්සේ ලෝකය මැව්වනම් එක රැකබලා ගන්න ඕනේ .දරුවෝ හැදුවට වැඩක් නැහැ රැකබලා ගන්න ඕනේ. (ස)
වෙනත් ආගම් වලට ගරහන්නේ පිස්සෝ (බ)
මෙතන ප්‍රතිචාර වල ආගමීක ඝට්ටනයක් පේනවා. ආගම්වල අභ්‍යන්තර කරුණු විමසිම එ්වාට අපහාස කිරිමක් ගැරහිමක් වෙන්නෙ කොහොමද? එ් කියන්නෙ කාලයත් සමග එ්ව බොරු වෙලා (නදී)
උෂ්ණත්වය නිසා අනවසර සංක්‍රමන ප්‍රවනතාවයක් දන්න තරමින් ලෝකයේ නැ. ප්‍රවෘතියෙ හැටියට පාප් වහන්සේ කරන්න යන්නෙ හොද දෙයක් කියමු කො. (අ)
පහන්, නියම බෞද්ධයෙක් කියලා වැටහෙනවා. ලංකා ,ලේෂාන්, නුවනි, ඊට නොදෙවෙනි බව නම් පේනවා. මාතෘකාව එකක් කියවන්නේ තව එකක් (නි)
විවිධ ආගම්, විවිධ මිනිසුන් නුරුස්සන එකම ජාතිකයෝ ඉන්නේ ලංකාවේ . එයට හේතුව නුගත් කම (බ)
වැදගත් හැම පුද්ගලයෙක්ම පරිසරය ගැන හිතන එක අගය කරන්න ආගම ප්‍රශ්ණයක් කරගන්න එපා. (නදී)
දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූ සේක, උන්වහන්සේ මෙ සියල්ලම මවා මිනිසාට භාරදුන්නේය. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් නිසා ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත්, පරිසරයට සිදුවන හානියත් අවම කිරීම ගැන පාප්තුමෝ එහිදි ප‍්‍රකාශ කළේය.. එතුමා එලෙස කි‍්‍රයාකරන්නේ කතෝලික අපව පමණක් මුදවා ගන්න නොව, සමස්ත මුලු ලෝක ප්‍රජාවම මුදවා ගනු පිණිසයි. බෞද්ධ මගේ මිතුරනි ඔබේ නිවටකම පුදර්ශණය කරන්න එක හොඳ මදි නේද ..... අනෙකුත් ආගම් වලටද ගරැ කරන්න එවිට ඹබටද එය පෙරලා පැමිණේවි... ජේසු පිහිටයි. (ම)
ඉතින් ලෝකය මවපු දෙවියන් වහන්සේට පුළුවන්නේ ඕක පාලනය කරන්න (බ)
බයිබලයේ ලෝකය ගැන ඉතාමනාවට පැහැදිලිවෙනවා එක කියවන්න දන්නා කට්ටිය ටිකක් අල්පය් !!! (අ)