ග්‍රීසියේ උතුරුදිග ඇතිවූ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් සංචාරකයින් හය දෙනකු ඇතුළු පුද්ගලයින් හත්දෙනකු මියගොස් ඇත.
සිදුවූ අනතුරුවලින් 100ක් පමණ තුවාල ලබා ඇති අතර 23දෙනකු රෝහල් ගතකළ බව පොලිසිය පවසයි.
මියගිය අය අතර චෙකොස්ලොවැකියානු යුවලක්, රොමේනියානුවන් දෙදෙනෙක් සහ රුසියානුවන් දෙදෙනෙක් සිටින බව හඳුනාගෙන ඇත.
ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර සහන සේවා කණ්ඩායම් කැඳවා ඇති බව බලධාරීහු සඳහන් කරති.
චණ්ඩ මාරුතයෙන් ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට හානි සිදුවී ඇති අතර ගස් කඩා වැටීම් හා වාහන ගසාගෙනයෑම් වාර්තා වී ඇත.
(බීබීසී ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd