ග්‍රීසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 15 දෙනෙකු පමණ මියගොස් 37ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඇතැන්ස් නගරයෙන් බටහිර පිහිටි මන්ද්‍රා, නියා පෙරමෝස් සහ මෙගාරා යන කාර්මික නගර වලට දැඩි හානි සිදුව තිබෙන බව බලධාරීහු පවසති.
කාලගුණ විද්‍යා අංශ පවසන්නේ සතියක පමණ කාලයක සිට ඇදහැලුණු අධික වැසි හේතුවෙන් ගංවතුර හටගත් බවයි. වයෝවෘද්ධ පුද්ගලයන් වැඩි දෙනෙක් මියගිය අය අතර සිටින බවත් රාත්‍රී කාලයේ හදිසියේම ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් නිවෙස්වල නිදා සිටි අය මෙලෙස මියගොස් ඇති බවත් පැවසේ.
අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව මන්ද්‍රා නගරාධිපතිවරයා පවසයි.
මහාමාර්ග රැසක් මඩ සහිත ජලයෙන් පිරී පවතින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. සිදුවූ හදිසි ඛේදවාචකය හේතුවෙන් ග්‍රීසියේ රජය විසින් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.
(බීබිසි ඇසුරිණි - 085)


2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ග්‍රීසියේ ගංවතුරෙන් 15 ක් මරුට