ග්‍රීසිය සහ තුර්කිය අතර ඊජියන් මුහුදේ සිකුරාදා අද (21) අලුයම සිදුවූ රිච්ටර්මාපාංක 6.7ක විශාලත්වයෙන් යුතු ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් ග්‍රීසියට අයත් කොස් දිවයිනේ දෙදෙනකු මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
කම්පනයේ අපිකේන්ද්‍රය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 16.2ක් ගැඹුරින් පිහිටා තිබූ බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.
ග්‍රීසියේ සහ තුර්කියේ බොහෝ ප්‍රදේශ වලට ප්‍රබල කම්පන දැනී ඇති අතර තුර්කි වෙරළාසන්නයේ සුළු සුනාමි තතත්වයක් වාර්තා වී ඇත. කොස් දිවයිනේ ගොඩනැගිලි බොහෝ ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවද පැවසේ.


( සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd