චිනයේ ජියාන්ග්මෙන් නුවර ජිවත්වන ෂේයා වු බින්ග්ට වයස අවුරුදු හයකි.
ක්‍රිඩාවට ලැදි ෂේයා වු පාසල් වැඩ නිසියාකාරව නොකළේයැයි පවසමින් ඔහුගේ මව ෂේයා වුට දරුණු ලෙස පහරදී ඈතෑයි පංතිභාර ගුරුතුමිය පොලිසියට පැමිණිලි කළේය.
ඔහුගේ පිට අධික ලෙස තුවාල වී තිබිණි. පොලිසිය මවට මින් මතු මෙවැනි දේ නොකරන ලෙස අවවාද කළ බවත් කුඩා දරුවාට සිදු වු හිංසනයට විරුද්ධව නිතිමය ක්‍රියාමාර්ග නොගත් බවද ගුරුවරිය කලකිරිමෙන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ට යන්න බැරිවුණ තැනට තමන්ගෙ දරුවො යනවා දකින එක හැම දෙමාපියෙක්ගෙම සිහිනයක්. නමුත් අමානුෂික විදියට දරුවන්ට වද දෙන එක හොඳ දෙයක් නොවෙයි. ඒක තේරුම් ගන්න ඕන මුලින්ම. දරුවො මල් වගේ. (ස)
අනේ මෙහෙමත් අම්මලා. පව් අසරණ දරුවා. (ස)
අද කාලෙ ළමයින්ට ළමා කාලයක් නැහැ. නිතරම පන්ති පන්ති. අද තියෙන්නෙ තරගයක්. අවබෝධයෙන් ඉගෙන ගන්න පිරිසක් නෙවෙයි ගිරව් වගේ කට පාඩම් කරන සංස්කෘතියක් බිහිවෙලා. මෙය ඉතා ඉක්මනින් වෙනස්විය යුතුයි.නැතිනම් අපේ අනාගත දරු පරපුරම අදුරේ. (ස)
අනේ මොන හිතකින්ද මේ ළමයට ගහල තියෙන්නෙ. මේ නම් අම්ම කෙනෙක් නෙවෙයිද කොහෙද? ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. (ස)
දරුවන්ට මේ විදියට ගහන අම්මලත් ඉන්නවද? මට නම් හිතා ගන්නත් අමාරුයි. (ස)
කෝ අනේ අපේ කට්ටිය. අවුරුද්දට සාප්පු සවාරි ගිහින්ද? මේ නිව්ස් එකට අදාල නැතිවුණත් මට අහන්න හිතුණා. සමාවෙන්න. (ස)
ඉක්මන් සුව පතමි. දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගෙ හිතේ ඇතිවන ආදරය ඇට, මස්, ලේ නහර වලට යනකම් තියෙනවලු. ඒත් මෙවැනි පොඩි දේකට මේතරම් දරුණු දඩුවමක් දීම සුදුසු නැහැ. දරුවට හොඳින් කිව්වනම් ඉවරයිනෙ. (ස)