සිසුන්ටද පෙනෙන බව නොදැන පාඩම අතරතුරදී තම ලැප්ටොප් පරිගණකයෙන් වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් නැරඹූ ස්විට්සර්ලන්ත ජාතික මහාචාර්යවරයෙකු රැකියාවෙන් නෙරපා හැරීමට ඔහු සේවය කළ අධ්‍යාපන ආයතනයේ බලධාරීන් කටයුතු කර තිබේ.

පරිගණකය එම අවස්ථාවේ තිබී ඇත්තේ පන්තිකාමරයේ වූ ප්‍රක්ෂේපක යන්ත්‍රයට සම්බන්ධ කැර තිබිණි. වන අතර මොහු ඒ බැව් අමතක වී සිසුනට වැඩක් පවරා පරිගණකයෙන් චිත්‍රපටය නරඹා ඇත.

ඔහුට තම අතපසුවීම සිහියට පැමිණ තිඛෙන්නේ පන්තියෙන් සිනා හඩ නැඟෙද්දීය.

ඔහු තම පාඩම අන්තර්ජාලය ඔස්සේද ප්‍රචාරණය කරමින් සිට ඇති අතර එයට සම්බන්ධව සිටි සිසුන්ටද චිත්‍රපටය නැරඹිීමට අවස්ථාව සැළසී තිබේ.