එළැඹෙන ගිම්හාන නිවාඩු සමයේ යුරෝපයේ ප‍්‍රකට වෙරළ තීරයන්ට රැස්වන සංචාරකයින් ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමට අයිඑස් ත‍්‍රස්තයෝ සැළසුම් කර ඇතැයි ඉතාලි බුද්ධි අංශ අනතුරු අගවයි.
අයිඑස් ත‍්‍රස්තයින්ගේ මෙම සැළසුම සම්බන්ධ තොරතුරු ලැබී ඇත්තේ අපි‍්‍රකාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බවද සඳහන්ය.
ඉතාලි බුද්ධි අංශ පවසන ආකාරයට අයිඑස් ත‍්‍රස්තයෝ මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කර ඇත්තේ ප‍්‍රංශයේ,ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ සුප‍්‍රසිද්ධ වෙරළ තීරයන්ට විවිධ අරුමෝසම් භාණ්ඩ,ඇගලූම්,ආහාර පාන, ආදිය විකුණන වෙළඳුන් ලෙස වෙස්වලාගෙන පැමිණය.
මෙවන් වෙරළ තීරයන්ට ආරක්ෂාව සැපයීම ඉතාම දුෂ්කර හෙයින් සියලූදෙනාම තම තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්වීම වැදගත් බව ඉතාලි බුද්ධි අංශ කියයි.
ටියුනීසියාවේ වෙරළ තීරයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය වසරේදීය.එසේ නම් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් කොපමණ ජීවිත හානියක් සිදුවනු ඇතිදැයි කිවයුතු නැත.
මෙම ප‍්‍රහාරය සදහා නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්තයින්ගේ සහය අයිඑස් සංවිධානය ලබාගනු ඇතැයිද මත පළවී තිබේ .බොහෝ නයිජීරියා ජාතිකයින් යුරෝපයේ නිවාඩු සමයේදී වෙළදාම් සදහා යුරෝපා රටවලට පැමිණෙන අතර ඔවුන් අතර සැඟවී බොකෝ හරාම් ත‍්‍රස්තයින්ටද යුරෝපයට ඇතුල් වීමට තිබෙන හැකියාව අයිඑස් සංවිධානය ප‍්‍රයෝජනයට ගනු ඇතැයි ත‍්‍රස්ත විශේෂඥයින් පවසා ඇත.
කෙසේ නමුත් මේ දක්වාම කිසිඳු රටක් සංචාරකයින්ට අනතුරු ඇගවීම් නිකුත් කර නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයි එස් අයි එස් මානසික ලෙඩ්ඩු මහා ශාපයක් ලෝකෙට. (ර)