මධ්‍යම අයිස්ලන්තයේ විශාලත ම ගිනි කන්දක් වන බාඩාර්බන්ගා ගිනිකන්ද සක්‍රිය වීමට ඉතා ආසන්නව ඇතැයි භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති. අයිස්ලන්තයේ කාලගුණ විද්‍යා කාර්යාලය ගිනිකන්දේ සක්‍රියවීම සම්බන්ධ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම ද ගුවන් තොටුපොළ බලධාරින්ට හා ගුවන් සමාගම් වෙත නිකුත්කැර ඇත.
2010 දී අයිස්ලන්තයේ සිදුවූ ගිනිකඳු පුපුරායාමෙන් දින හයක් යුරෝපයේ ගුවන්ගමන් නවතා දැමීමට බලධාරන්ට සිදුවිය. ගුවන් ගමන් ලක්ෂයක් පමණ ඒ හේතුවෙන් අවලංගු කෙරිණි. ගිනිකන්ද පුපුරා ගියහොත් 2010 මෙන් ගුවන් ගමන්වලට විශාල බාධාවක් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. ග්‍රීස්ම සෘතුවේ පාසල් නිවාඩු ආරම්භ වී ඇති බැවින් ගුවන් ගමන් විශාල වශයෙන් සිදුවෙමින් පවතින බව ගුවන් සමාගම් පවසයි.
ගිනිකන්දකින් පිටවන අළු ගුවන්යානා ඉහළට එසවීමේ දී හා බෑමේ දී බාධාවක් වන අතර එන්ජින්වලට අළු අහිතකරය. එමගින් ටර්බයින් නල හා සිසිලන උපකරණ වලට හානි සිදුවීමට ඉඩ ඇත.
බාඩාර්බන්ගා ගිනිකන්දට යටින් ප්‍රබල භූමිකම්පා කිහිපයක් සිදුව ඇතැයි ද අනාවරණය වී ඇත. මෙහි සිදුවූ විශාලත ම පිපිරීම සිදුව ඇත්තේ 1910 දී ය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.