මධ්‍යම අයිස්ලන්තයේ විශාලත ම ගිනි කන්දක් වන බාඩාර්බන්ගා ගිනිකන්ද සක්‍රිය වීමට ඉතා ආසන්නව ඇතැයි භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති. අයිස්ලන්තයේ කාලගුණ විද්‍යා කාර්යාලය ගිනිකන්දේ සක්‍රියවීම සම්බන්ධ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම ද ගුවන් තොටුපොළ බලධාරින්ට හා ගුවන් සමාගම් වෙත නිකුත්කැර ඇත.
2010 දී අයිස්ලන්තයේ සිදුවූ ගිනිකඳු පුපුරායාමෙන් දින හයක් යුරෝපයේ ගුවන්ගමන් නවතා දැමීමට බලධාරන්ට සිදුවිය. ගුවන් ගමන් ලක්ෂයක් පමණ ඒ හේතුවෙන් අවලංගු කෙරිණි. ගිනිකන්ද පුපුරා ගියහොත් 2010 මෙන් ගුවන් ගමන්වලට විශාල බාධාවක් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. ග්‍රීස්ම සෘතුවේ පාසල් නිවාඩු ආරම්භ වී ඇති බැවින් ගුවන් ගමන් විශාල වශයෙන් සිදුවෙමින් පවතින බව ගුවන් සමාගම් පවසයි.
ගිනිකන්දකින් පිටවන අළු ගුවන්යානා ඉහළට එසවීමේ දී හා බෑමේ දී බාධාවක් වන අතර එන්ජින්වලට අළු අහිතකරය. එමගින් ටර්බයින් නල හා සිසිලන උපකරණ වලට හානි සිදුවීමට ඉඩ ඇත.
බාඩාර්බන්ගා ගිනිකන්දට යටින් ප්‍රබල භූමිකම්පා කිහිපයක් සිදුව ඇතැයි ද අනාවරණය වී ඇත. මෙහි සිදුවූ විශාලත ම පිපිරීම සිදුව ඇත්තේ 1910 දී ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දු මෙල්බර්න්, කියන්නේ කාටද නේද? (නි)
මිහිකත උහුලන ප්‍රමාණය ඉක්මවා ගියාම ඒක පිටකරගන්නත් විදිහක් තියෙන්න එපායැ. මිනිස් සහ සත්ව ජීවිත වලට හානියක් නොවෙන ප්‍රදේශයක් නිසා කමක් නැහැ. (නි)
දසක 5,6,කට ඉහතදී ,ජලජ ජීවීන් දඩයමින් ශීත නිවාසවල ජීවත්වූ මුල් පදිංචි කරුවන්වූ පිග්මි වරු ,අද ලෝක සංචාරක කර්මාන්තයෙන් ප්‍රමුඛස්තාන්යේ සිටිනා බව ඉතාමත් පැහැදිලියි. දැනට ක්‍රියාන්විත ගිනිකඳු වලින් තාක්ෂණය මගින් ටර්බයින් යොදා බලය ඉපදවීමේ ක්‍රමයක් යොදා ගන්නේ නම් ගොඩම තමා (නදී)
කලබල වෙන්න අවශ්‍යතාවයක් නැත. තවම පිපිරුවේ නැහැනේ. පුපුරලා අළු වායුගෝලයට එක්වුනහම යුරෝපයේ ගුවන් පාලන අධිකාරිය අනතුරු අගවවී එතකොට දවස් කීපයක් ගුවන් ගමන් නතර කරාවී. (නදී)
මේ පිළිබද තව විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් ලියන්න. (නි)