IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ගුතරෙස් මානව පවුල සොයා යයි

මේ වසර සාමයේ වසර කරමු යැයි ද ලෝක සාමය උදෙසා ඇප කැප වී කටයුතු කරන්නේ යැයි ද එක්සත් ජාතීන්ගේ නව මහලේකම්ධුරයේ රාජකාරි අරඹමින් හිටපු පෘතුගාල ජනාධිපති ඇන්තෝනියෝ ගුතරෙස් ප්‍රකාශ කළේය. 

එක්සත් ජාතීන්ගේ නව වැනි මහ ලේකම්වරයා ලෙස ඇන්තෝනියෝ ගුතරෙස් අද (1) සිය රාජකාරි ආරම්භ කළේය. ලෝක සාමය වෙනුවෙන් තමන් ඇප කැප වී කටයුතු කරන බව   ඇන්තෝනියෝ ගුතරෙස් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී විශේෂ දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළේය.

“එක් මානව පවුලක් ලෙස අභිමානය සහ බලාපොරොත්තු, ප්‍රගතිය හා සෞභාග්‍ය උදා කරගැනීමට උත්සහ කරනවා. සාමය රැඳී පවතින්නේ අප මතයි. සාමය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන්න මා සූදානම්. ඒ සඳහා මාත් සමඟ එක්වෙන්න. අදත් සෑම දිනකදීමත් අප එකමුතුව කටයුතු කරමු. 2017 සාමය උදෙසා වසර කරමු” යැයි ගුතරෙස් පැවැසීය. 

තවදුරටත් අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා-

“එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස වැඩ බාරගත් පළමු දිනයේදී මා හමුවේ දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් තිබෙනවා. නිමක් නොපෙනන යුද වැදීම්වලට ගැටුම්වලට මැදි වී සිටින මිලියන ගණනක් ජනතාව මුදා ගන්නේ කෙසේද ?

සිවිල් වැසියන් පීඩාවට පත්වෙලා. කාන්තාවන්, දරුවන් හා මිනිසුන් තුවලා ලබලා. ඔවුන්ට ඔවුන් තනාගත් නිවාස අතහැර යන්නට සිදුවෙලා. ඔවුන්ගේ නිවාස විනාශයට පත්වෙලා. රෝහල්, ආධාර රැගත් වාහනවලට ප්‍රහාර එල්ල වෙනවා. 

මේ යුද වැදීම්වලින් කිසිවකුටත් ජයග්‍රහණයක් හිමිවන්නේ නැහැ. සමාජ හා ආර්ථික වැනසීමට ඩොලර් ට්‍රිලියන ගණනින් වියදම් කරනවා. අද වන විට ලෝකයේ සියලු කලාප අස්ථාවර වෙලා. ගෝලීය ත්‍රස්තවාදය නැමැති තර්ජනයක් අප හමුවේ තියෙනවා. 

අද අලුත් අවුරුද්දක් ආරම්භ වෙනවා. නව අවුරුද්දේ මම අලුත් යෝජනාවක් කරනවා. මා සමඟ එක්වන්නැයි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සාමය ඇති කිරීමට මුල් තැන දෙමු. මේ වසර සාමයේ වසර කරමු. 

අපේ ජීවිතවල අනුකම්පාව සහ සහෝදරත්වයේ සිට, සාකච්ඡාව සහ එකිනෙකාගේ දේශපාලන වෙනස්කම්වලට ගරු කිරීම දක්වාත්, සටන් බිමේ සටන් විරාමයේ සිට සාකච්ඡා මේසයේ සිට දේශපාලන විසඳුම් දක්වා අපි ගමන් කළ යුතුයි.  සාමයේ අපේ අරමුණ හා මාර්ගෝපදේශය විය යුතුයි” යැයි එක්සත් ජාතීන්ගේ නව මහලේකම්වරයා තවදුරටත් පැවැසීය. 

එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයාගේ පත්වීම හා ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ඌනා මැකෝලි මෙසේ කීවාය.

“සාමය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සමීප සම්බන්ධයක් තිබෙන මාතෘකාවක්. ශ්‍රී ලංකා දිගු කාලීන හා තිරසර සාමයක් ළඟා කරගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකා ජනතාවගේ සාමය හා සංහිඳියාව සඳහා වූ ගමනට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් උපකාර කරනවා” යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය. 

එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස ඇන්තෝනියෝ ගුතරෙස්ගේ පත්වීමට සුබපතමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවැසීය.

“සාමයට මුල් තැනක් දීමට එක්සත් ජාතීන්ගේ නව මහලේකම්වරයා කටයුතු කිරීම සතුටට කරුණක්. එය නව වසරේ නව බලාපොරොත්තුවක්. නව අරමුණක්. සමස්ත ලෝකයත් ශ්‍රී ලංකාවත් සාමය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ආණ්ඩුව  රටට තිරසර සාමය හා සංහිඳියාව අත්පත් කරගැනීම සඳහා නිරන්තරයෙන් ඇප කැප වී කටයුතු කරනවා” යැයි ඔහු වැඩිදුරටත් කීවේය.

14756888556_content Portrait---UN-Secretary-General-Antonio-Guterres



අදහස් (0)

ගුතරෙස් මානව පවුල සොයා යයි

දහම් Sunday, 01 January 2017 03:46 PM

අනේ ඉතින් මොනවා කරන්නද. බටහිරට හිස නමාගෙන රස්සාව කරයි. එච්චර තමයි. දෙබිඩි පිළිවෙත එහෙමම ඉස්සරහට යයි. (නි)

:       0       0

සත්‍යයා Monday, 02 January 2017 12:57 AM

එයා එයාගේ වැඩ ටික කොහොමහරි කරගනීවි. අපේ අය වචන සෙට් එක කාඩ් කුට්ටම වගේ අන අනා සංහිඳියා සඳුන් කැටය ගලගගා ඔහේ බලයේ ඉන්න හදාවි. ඊළඟට එන්න හිතාගෙන ඉන්න කෙනාත් ඒ සිංදුවම කියාවි. ජනතාව ඒ සමඟින් ආසන්න කර්මයත් ගෙවාදාවි. (නි)

:       0       0

ධම්ම Monday, 02 January 2017 05:49 AM

එහෙම කියන්න එපා සත්‍යයා. පෘතුගීසිකාරයෙක්වූ එතුමා අපේ නෑදෑයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. එතුමාට උපරිම සහයෝගය දෙමු. අපටත් ඔය විසිවෙන කට්ටක්වත් අහුලාගන්න බැරිවෙන එකක් නැහැ. (නි)

:       0       0

ජනහිත Monday, 02 January 2017 06:38 AM

සාමය සාධාරණත්වය සැමට එකසේ පවතිනවා වගේම ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදීන් ලොවෙන් ඉවත් කිරීමට සාධාරණ සැම සහයෝගය දකවමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 808 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 930 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site