කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බාල පුතු අල් සාදි පෙරේදා (11) තම රටට පැමිණි බවත් ඔහුට රැකවරණ ලබා දෙන බවත් ලිබියාවේ අසල්වැසියකු වන නයිගර් රාජ්‍යය පවසයි. ලිබියා/නයිගර් දේශසීමාව හරහා අල් සාදි, නයිගර් රාජ්‍යයට පැමිණියේ හමුදා රථ පෙළකින් යැයි නයිගර් අධිකරණ කටයුතු අමාත්‍ය අමාදෝ මොරෝ ප‍්‍රකාශ කරයි. තිස් හත්වැනි වියෙහි පසුවන සාදි ගඩාෆි නයිගර් රාජ්‍යයට පැමිණි ඇත්තේ තවත් ලිබියානු ජාතිකයන් නව දෙනකු ද සමඟ බවත් ඔවුන් මේ වනවිට අගාදේස් නගරයේ සිටින බවත් නයිගර් රජය වැඩිදුරටත් කියා සිටියි. ගඩාෆි පුතුට රැකවරණ දීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, ප‍්‍රංශය මෙන්ම ලිබියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන අන්තර්වාර පාලක මණ්ඩලය නයිගර් රජයට දොස් පවරයි. මීට දින කිහිපයකට පෙර ද ලිබියානු බළ ඇණියක් සහ හමුදා රථ 200 ක් පමණ ලිබියා/නයිගර් දේශසීමාව හරහා නයිගර් රාජ්‍යයට පැමිණියේය. එම අවස්ථාවේදී ලිබියා කැරැලිකරුවන් සහ ප‍්‍රංශ හමුදාව කියා සිටියේ ගඩාෆි සහ ගඩාෆිගේ වැඩිමල් පුතු සයිෆ් අල් ඉස්ලාම් දේශසීමා හරහා නයිගර් රාජ්‍යයට පලා ගිය බවය. එහෙත් ගඩාෆි පසුගියදා හඬ පටයකින් කියා සිටියේ තමා ලිබියාව අතහැර පලා නොගිය බවත් දිගටම කැරැලිකරුවන් සමඟ සටන් වදින බවත්ය. මේ අතර මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළ බවට චෝදනා එල්ල වී සිටින ගඩාෆි සහ සෙයිෆ් අල් ඉස්ලාම් ඇල්ලීම සඳහා ඉන්ටපෝල් හෙවත් අන්තර් ජාතික පොලිස් කොමිසම වරෙන්තු නිකුත් කර තිබේ. ලිබියානු ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් ටි‍්‍රපොලි අගනුවර අල්ලා ගත් අවස්ථාවේදී ගඩාෆි බිරිය, දියණිය, මොහොමඞ් සහ හැනිබල් යන පුත්තු ලිබියාවේ අසල්වැසියකු වන ඇල්ජීරියාවට පලා ගියහ. ඔවුන්ට ඇල්ජිරියා රජයේ ආරක්ෂාව ලැබේ.
2025 දෙසැම්බර් මස 30
135
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
758
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගඩාෆි පුතු අල් සාදිට නයිගර් රාජ්‍යයේ රැකවල්