මරා දැමුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානී අබ්දුල්ලා අල් සෙන්සුයි පෙරේදා (17) බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන මුරුෂානියාවේදී අත්අඩංගුවට ගැණින.
ගඩාෆිට එරෙහි ලිබියාවේ විරෝධතා ආරම්භ කළ අවස්ථාවේදී කැරැුලිකරුවන්ට පහරදීමට උපදෙස් දුන් බවටත්, කැරැලිකරුවන් ඝාතනය කරමින්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් සෙන්සුයිට චෝදනා එල්ල වී ඇත.
එම චෝදනා හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිස් කොමිසම වරෙන්තු නිකුත් කළේ ඉකුත් ජූලි මාසයේදී ගඩාෆිට සහ ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදීමය.
අල් සෙන්සුයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නමුත් ලිබියාවේ නව පාලකයන් පවසන්නේ සෙන්සුයිට එරෙහිව නඩු පවරා දඬුවම් දීමේ කටයුතු ලිබියාවේදී සිදු කිරීමට තමන් බලාපොරොත්තු වන බවය.
ලිබියාවෙන් පැන යෑමට උත්සාහ කරද්දී අල්ලා ගත් ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ද මේ වනවිට මාස කීපයක් තිස්සේ ලිබියා නව පාලකයන්ගේ අත්අඩංගුවේ පසුවෙයි.
ඔහුට විරුද්ධව මෙතෙක් කිසිදු ආකාරයක නඩු විභාගයක් පවත්වා නැත. මුරුෂානියා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන අල් සෙන්සුයි තමන්ට බාර දෙන්නැයි ලිබියා නව රජය ඉල්ලීමක් ද කර තිබේ.
”අපට දැන ගන්න ලැබුණා අල් සෙන්සුයි මුරුෂානියාවේ නුකාචොට් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තරුණයකුත් ඔහු සමඟ සිටියා. අප විශ්වාස කරනවා ඒ ඔහුගේ පුතු කියලා.” යැයි ලිබියා නව රජයේ ප‍්‍රකාශක නසීර් අල් මානී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
ලිබියා කැරැලිකරුවන් අතින් ගඩාෆි ඝාතනය කෙරුණු අවස්ථාව වන විට අල් සෙන්සුයි, කැරැලිකරුවන්ගෙන් බේරී ලිබියාවෙන් පැනගොස් සිටියේය. ඔහු මුරුෂානියාවට පැමිණ ඇත්තේ මොරොක්කෝවේ සිටය. ඒ, ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සකස් කර ගනිමිනි.
අල් සෙන්සුයි අත්අඩංගුවට ගැනීමේදී මුරුෂානියා බලධාරීන්ට සහාය දී ඇත්තේ ප‍්‍රංශ රජයයි. ගඩාෆිට එරෙහිව සටන් වැදීමට කැරැලිකාර පාර්ශවයට ආයුධ දුන්නේ ප‍්‍රංශසයයි .
කැරැලි කරුවන්ගේ දේශපාලන හඬ වූ ‘ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය’ ලිබියාවේ සැබෑ ජනතා හඬ යැයි මුලින්ම නිල වශයෙන් පිළිගෙන ආධාර දුන් රට වන්නේද ප‍්‍රංශයයි.
ප‍්‍රංශ ජනපති නිකලස් සාර්කෝසිගේ කාර්යාලය විශේෂ ප‍්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා ඇත්තේ, 1989 වසරේ යූ.ටී.ඒ. ගුවන් යානය බෝම්බ ප‍්‍රහාරයකින් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල් සෙන්සුයිට දඬුවම් ලබාදීමට ප‍්‍රංශයට ගෙන්වා ගත යුතු බවය.
මුරුෂානියාව රෝම ප‍්‍රඥප්තියට අස්සන් නොකළ රටක් වන නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඔවුන්ගේ ඇති බැඳීම හේතුවෙන්, අල් සෙන්සුයි, නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දීමට මුරුෂියානා රජය බැඳී සිටින බව ද පැවැසේ.
2025 දෙසැම්බර් මස 04
310
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානියා මුරුෂානියාවේදී කොටුවෙයි