IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කළ නොකළ යුතු දේවල් තීරණය කරන්නේ රුසියානු කාන්තාවයි - පුටින්

‘රුසියානු කාන්තාවන්ට තමන් කළ යුතු නොකළ යුතු දේවල් තීරණය කිරීමේ අයිතිය’ ඇතැයි එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය නැරඹීමට පැමිණෙන විදේශිකයන් හා ලිංගික සබඳතා නොපවත්වන්නැයි එරට පවුල්, කාන්තා සහ ළමා කටයුතු සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රධානී ටමාරා ප්ලෙට්නිඕවා කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපති පුටින් ඒ බව කීය. 

“රුසියානු කාන්තාවන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඔවුන් කළ යුත්තේ නොකළ යුත්තේ මොනවාදැයි තීරණය කිරීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඔවුන් තමයි ලෝකයේ හොඳම කාන්තාවෝ” රුසියානු ජනාධිපති පුටින් උපුටා දක්වමින් ඔහුගේ ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කොව් පැවැසීය. 

ටමාරා ප්ලෙට්නිඕවා කරන ලද ප්‍රකාශය ජනාධිපති පුටින්ගෙන් පමණක් නොව ආණ්ඩුවේ බොහෝ දෙනකුගේ දැඩි විවේචනයට සහ විරෝධයට ලක්ව තිබිණි. ටමාරා නූතන රුසියාව සෝවියට් සමයට ගෙන යෑමට උත්සාහ කරන්නේ යැයි රුසියාවේ නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් රොල්බිනොව් චෝදනා කළේය. 

“ටමාරාගේ ප්‍රකාශයට මට ඇමෙරිකා එක්සත් ජනපදයත් සෝවියට් සමූහාණ්ඩුවත් සමයේ රූපවාහිනි වැඩසටහනකදී කියවුණු වචන කිහිපයක් මතක් කරනවා” යැයි හෙතෙම කීය. 

ටමාරාගේ ප්‍රකාශයට ආණ්ඩුවෙන් පමණක් නොව තවත් පිරිස්වලින් චෝදනා එල්ල වී තිබිණි. 

“හදවතට ඕනේ ඊට ඕනේ දේවල්. ආදරය කොහොමහරි එනවා. ජාත්‍යන්තර විවාහා, එම පවුල්වල ඉතාමත් ලස්සන දරුවෝ ඉන්නවා” යැයි ටමාරාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මාධ්‍යවේදිනයක සහ රූපවාහිනි නිවේදිකාවක වන යෙලෙනා කන්ගා කීවාය. 

“පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන සමයේදී රුසියානු කතුන් විදේශික පිරිමින් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළැකිය යුතුයි. එසේ කිරීමෙන් ඔවුන් පියවරුන් අහිමි මිශ්‍ර ජාතියකට උරුමකම් කියන දරුවන් ලද මවුවරුන් වීමේ වැඩි අවදානමක් තියෙනවා.

එමෙන්ම විදේශිකයන් හා විවාහ වන රුසියානු කාන්තාවන්ගේ විවාහ සබඳතා අවසන් වන්නේ නරක අන්දමට.කාන්තාවන් රුසියාව තුළත් විදේශවලත් කිසිදු පිළිසරණක් නැතිව අසරණ වන බවත් ඔවුන්ට ඔවුන්ගේ දරුවන් නැවත ලබාගැනීමට නොහැකි වෙනවා” යැයි ටමාරා රුසියාවේ ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබිණි.

ටමාරාගේ එම අදහස් දැක්වීම අශ්ශීල ප්‍රකාශයක් යැයි ද යෙලෙනා පැවැසුවාය. 

“සෝවියට් සමූහාණ්ඩුව සමයේදී මිනිසුන් අතර මිත්‍රත්තවය යනුවෙන් ප්‍රතිපත්තියක් අප සතුව තිබුණා. එහෙත් අපිට අද එදා දේවල් ගැන ඇති තරම් හිනාවෙන්න පුළුවන්.

සෝවියට් සමූහාණ්ඩව සමයේදී වුවත් මෙවැනි ප්‍රකාශ ශිලාචාර ලෙස සැලකුණේ නැහැ. ඇගේ ඇස් දිහා බලාගෙන මගේ දුවගේ ඡායාරූපයක් ඇයට පෙන්වන්න මම කැමැතියි.

මගේ දුවත් ඇගේ දුවත් අතර වෙනස ඇයට කියන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. මගේ දුව ඉතා ලස්සනයි. එහෙම නොවෙනවා නම් ඇය ඒ ගැන කියන හේතු මොනවාද කියලා දැනගන්න මාත් කැමැතියි” යැයි ද යෙලෙනා කීවාය. 

ඬේලිමේල් ඇසුරිනි 

055

 



අදහස් (1)

කළ නොකළ යුතු දේවල් තීරණය කරන්නේ රුසියානු කාන්තාවයි - පුටින්

ජගත් ලියනගේ Sunday, 17 June 2018 12:03 AM

රුසියානු ජනාධිපති පුටින් වගේ කෙනෙක් ලබන්න , රුසියානු වැසියෝ ගොඩාක් පින් කරල තියනවා . අපිට කොහෙන්දැයි උණු බත් .

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 39 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 835 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site