චීනයේ පරණ පොත් සාප්පුවකදී තිබී හමුවී ඇති බව කියන වසර 600 ක් පැරණි යැයි සැළකෙන සිතියමකට අනුව ඇමරිකාව හෙවත් නව ලෝකය ප‍්‍රථමයෙන් සොයාගෙන ඇත්තේ ස්පාඤ්ඤ ජාතික කි‍්‍රස්ටෝපර් කොලොම්බස් නොව චීන ජාතිකයින් බව බි‍්‍රතාන්‍යය ජාතික ඉතිහාසඥයෙක් පවසයි.
කුඩා කල අප දේශ ගවේශණයේ යෙදුනවුන්ගේ වික‍්‍රමයන් ගැන විමසුවේ අසා සිටියේ නොතිත් ආශාවකිනි.එම දේශගවේශකයන් අතරිනුත් කි‍්‍රස්ටෝපර් කොලොම්බස් ඉහළින්ම සිටි තැනැත්තා විය.ඊට හේතුව වූයේ නව ලෝකය හෙවත් දැන් ලෝකයටම පොලිස් කාරයා වී සිටන උතුරු ඇමරිකාව සොයාගත්තේ ඔහු වීමය.
නමුත් බි‍්‍රතාන්‍යය ඉතිහාසඥ ගෙවින් මෙන්ස්ට අනුව ඇමරිකාවෙ හෙවත් නව ලෝකය සැබෑවටම සොයාගෙන ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලොම්බස් නොව 18 වැනි සියවසේදී චීන ජාතිකයින්ය.ගෙවින් මෙන්ස් පවසන ආකාරයට ඒ කි‍්‍රස්ටෝපර් කොලොම්බස්ට පෙර වසර 70 කට පමණ ඉහතදීය.
මෙම පෙරළිකාර මතයට තුඩුදී ඇති සිතියම හමුවී තිබෙන බව කියන්නේ චීනයේ පැරණි පොත් සාප්පුවකිනි.සිතියම් පිළිඹද විශේෂඥයින් තහවුරු කර ඇති ආකාරයට එම සිතියම කිසිදු අයුරකින් ව්‍යාජ ලෙස නිර්මානය කළ එකක් නොවන බව ගෙවින් මෙන්ස් සහතික කරයි.
එහි දැක්වෙන බව කියන තොරතුරු අනුව ඇමරිකාව හෙවත් එදවස නව ලෝකය ලෙස හැදින්වූ ගොඩබිමේ පිහිටීම පිළිඹද දළ සටහනක් සිතියමේ අන්තර්ගතව ඇත.
තමන් ඇතුළු පරීක්ෂක කණ්ඩායමක් සිතියම විශ්ලේෂණය කර සොයාගත් තොරතුරු අනුව එය චීනයේ 1368 වසරේ සිට 1644 වසර දක්වා පැවති මින්ග් රජ සමයේ ලියැවුනක් බව ගෙවින් මෙන්ස් කියයි.
මින්ග් රජ සමයේ සිටි නාවික අද්මිරාල්වරයෙකි සෙන්ග් හී.ඔහු වඩාත් ප‍්‍රකට දේශගවේශනයන්හි යෙදීම සම්බන්ධයෙනි.යුරෝපය හා අපි‍්‍රකාව ආශි‍්‍රත ප‍්‍රදේශන්හි ඔහු දේශටනයේ යෙදුණු බවට තොරතුරු සොයාගැනීමට ඉතිහාසඥයින් සමත්ව තිබේ.
සොයාගැනීමට හැකිව තිබෙන තොරතුරු වලට අනුව මෙම සිතියමේ නිර්මාතෘවරයා මේ කියන අද්මිරාල් සෙන්ග් හී බව ගෙවින් මෙන්ස් පවසයි.තම දේශ ගවේශණ චාරිකාවන් අතරතුරදී අද්මිරාල් සෙන්ග් හී ඇමරිකාවේ ගොඩබිම් ප‍්‍රදේශයටත් පැමිණෙන්නට ඇතැයිද මෙම සිතියම ඊට හොද සාක්ෂියක් බවද ඔහු කියයි.
ඔහු පවසන ආකාරයට සෙන්ග් හී දේශ ගවේශණයෙන් නොනැවතී ඇමරිකාවේ මුල්ම ජනාවාසද පිහිටුවා තිබේ.මෙම ජනාවාසයන් පිහිටුවා ඇත්තේ දැන් කැලිෆෝර්නියා,ෆ්ලොරිඩා හා වර්ජිනියා ලෙස හදුන්වන ප‍්‍රදේශයන්හි බවත් මේ පිළිඹද ඉතිහාසගත තොරතුරු මෙන්ම ප‍්‍රවේණිගත සාක්ෂිද තමන්ට ඉදිරිපත් කළ හැකි බව ගෙවින් මෙන්ස් කියන්නේ විශ්වාසයෙනි.
ඇමරිකාව ජනාවාස වීම පිළිඹද බහුතර ඉතිහාසඥයන් විශ්වාස කරන මතය වන්නේ රුසියාවේ බෙරින්ග් - ස්ට‍්‍රයිට් තුඩුවේ සිට ඇමරිකාවේ ගොඩබිම කරා ළගා වූවන් මුල්ම ජනාවාස ඇති කළ බවයි.
නමුත් ගෙවින් මෙන්ස්ට අනුව ඇමරිකාවේ මුල්ම ජනාවාස ඇතිකර තිබෙන්නේ සේලරුවන් මිස අන් කිසිවෙක් නොවේ.වර්තමාන ඉතිහාසඥයන් සිතා සිතිනවාට වඩා ඈත යුගයක සිට මිනිසුන් සයුරු තරණයේ හා දේශ ගවේශනයේ යෙදී ඇති බව ඔහු කියයි.
කොලොම්බස් ඇමරිකාව සොයාගැනීමට ආධාර කරගන්නට ඇත්තේත් අද්මිරාල් සෙන්ග් හී සකස් කළ මෙම සිතියම වන්නට ඇතැයි ඔහුගේ අදහසයි.
සිතියමේ එදවස පේරු රාජ්‍යයේ පිහිටීම සම්බන්ධයෙන්ද සදහන්වී ඇති බව කියැවේ.පේරු රාජ්‍යයේ විවිධ ප‍්‍රදේශයන් චීන භාෂාවෙන් නම් කර හදුන්වාදී ඇතැයි සදහන්ය.එම කාලවකවානුවේ පේරු රාජ්‍යයේ පැවතී යැයි සොයාගෙන තිබෙන මිනිස් බිලි පූජාවන් ආදී විවිධ ඇදහිලි හා කි‍්‍රයාකාරකම් සම්බන්ධ තොරතුරුද සිතියමේ අන්තර්ගත කරුණු අතර වන බව ගෙවින් මෙන්ස් පවසයි.
ගෙවින් මෙන්ස් ඇමරිකාව සොයාගත්තේ කොලොම්බස් නොවේ යැයි ප‍්‍රකාශ කළේ අද ඊයෙක නොවේ.2002 වසරේ සිටම ඔහු ප‍්‍රකාශ කරන්නේ ඇමරිකාව හෙවත් නව ලෝකය සොයාගත්තේ කොලොම්බස් නොව අද්මිරාල් සෙන්ග් හී නියෝජනය කළ චීන ජාතිකයින් බවයි.මෙවර ඔහුගේ මතය සනාථ කිරීම සදහා පැහැදිලි සාක්ෂි ලැබී ඇති සෙයකි.
ඉතිහාසය ගැන හැදෑරීමේ යෙදුණද ගෙවින් මෙන්ස්ට පිළිගත් උපාධියක් හෝ වෘත්තීය මට්ටමේ දැනුමක් නොමැත.නමුත් ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ දැනුම් සම්භාරයකි.දැනට ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් පොත් කිහිපයක්ද පල කර ඇති ඔහු ඒවායින් ලැබෙන මුදල් සියල්ල යොදවන්නේත් දේශගවේශනයන්හි යෙදීමටත් ඉතිහාසය සම්බන්ධ පර්යේෂණ කිරීමටත් සදහාය.
ඇමරිකාව ගවේෂණය කිරීම සම්බන්ධයෙන් ගෙවින් මෙන්ස් සොයාගෙන ඇති නවතම කරුණු අන්තර්ගත ‘‘ඇමරිකාව සොයා ගත්තේ කවුද‘‘ නම් ග‍්‍රන්ථයක්ද ඔහු පසුගියදා එළිදැක්වීය.
එහෙත් වෘත්තීය ඉතිහාසඥයින්ට නම් ගෙවින් මෙන්ස් යනු විහිළුකාරයෙකි.ඔහු කියන කිසිවක් බරෑරුම් ලෙස භාර ගැනීමට කිසිවෙක් සූදානම් නැත.
නමුත් මෙවර තුරුම්පු කොළ ඇත්තේ ගෙවින් මෙන්ස් අත බවක් පෙනෙන්ට තිබේ.ඔහුගේ නවතම ග‍්‍රන්ථයේ අන්තර්ගත තොරතුරු ප‍්‍රචලිත වූවායින් පසු සත්‍ය කුමක්දැයි සොයාගැනීමට හැකිවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව මුලින්ම හොයාගත්තේ රතු ඉන්දියන්වරු. ඕස්ට්‍රේලියාව මුලින්ම හොයාගත්තෙ ඇබොරිජින්වරු. මේ අය මිනිස්සු නොවේද? (නි)
හෙළතිසි හරි. (නි)
මොනවා වුණත් අපි පිළිගත යුතු කාරණා තිබෙනවා. 1.රාවණ රජු ආසියාවේ සිටි ප්‍රබල රජ කෙනෙක් 2.ඇමෙරිකාව කියන්නේ බොහොම පොඩි ඉතිහාසයක් තිබෙන රටක්. 3.නුතන ලෝකයේ ගොඩක් ඉතිහාසය පදනම් වෙන්නේ යුරෝපා මුලාශ්‍ර සමග. මම 100% පිළිගන්නේ නැහැ ලංකාවේ කෙනෙක් ඇමෙරිකාව හොයා ගත්තා කියලා. නමුත් කොළොම්බස් නොවෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි (නි)
ඔන්න මගෙ නම් සම්බන්ධයක් නැහැ ඕවට (නි)
මේ චයිනීස් සිතියම වෙන්න ඇති එහෙනම්, මෙච්චර කාලයක් චීනේ හදපු දැනට පවතින පැරණිම භාණ්ඩේ... (දී)
හෙළතිසි අසුරුවන් මහතාණෙනි, ඔබ විශ්වාස කරන දේ සත්‍ය යැයි ද, ඔප්පු කරන්න කිසියම් සාක්ෂියක් තිබේද? ඔබට අනෙක් මත අසත්‍ය යැයි ප්‍රකාශ කල හැක්කේ එසේ පිළිගත හැකි සාක්ෂි තිබේනම් පමණි. හිතළු පමණක් එයට නොසෑහේ. (දී)
හෙලතිසි ඔහොමම පොඩ්ඩක් විස්තර කරලා ලංකාව දැන් ඉන්න තත්වෙනුත් ගොඩ ගන්නකො (දී)
රවන යුගය,හෙලවංශය,හෙල ඉතිහාසය, දැනගන්න, දෙරණ නාලිකාවෙන් විකාශය වෙන හෙලවංශය ,රාත්‍රි 9.45 ට ,බ්‍රහස්පතින්දට බලන්න .හෙළය , හැම රටකම සිටි බවට සාධක සහිතව අහගන්න පුළුවන් . (දී)
හෙළතිසි හරි කියන ලංකාවේ අනුවන අය තව ඉන්නවද මෙතන?
ලෝකයට තිබෙන්නේ අවරුදු දෙතුන් දහසක් විතර පරණ ලිඛිත ඉතිහාසයක්.ඊට පෙර ලෝකය මොනවගේද කියලා පැහැදිලිව කියන්න අමාරුයි. ඒවා ගොඩක් දේවල් කාලයේ වැලි තලාවට වැසිලා ගිහින්.ඇමෙරිකාව වර්තමාන මිනිසුන්ට මුලින්ම හොයලා දුන්නේ කොලම්බස්. ඇත්තටම නිවැරදිව කියනවා නම් බටහිර රටවලට හොයා දුන් කෙනා කොලම්බස් තමයි. (නි)
ලංකාව ඉන්දියාව මැඩගස්කරය යාකරමින් මින් බොහෝ කලකට පෙර ලෙමුරියා නම් ශිෂ්ටාචාරය විය. එය ඉතා බලගතු තතවයක තිබුනා යැයි සැලකෙන හෙළ ශිෂ්ටාචාරය වියහැකි යැයි මගේ අදහසය
බන්දුල, ළිං මැඩියෙක් වෙන්න එපා (නි)
අසුරුවන් වසුරුවන් කතා බිනීමේ දක්ෂයෙක් බව පෙනේ. සිංහල සරල බසකි. එහි මහප්‍රාණ නොවේ. මෙහි සාකච්ඡාව කොලොම්බස් ගැනය. ඔහුට පෙර බොහෝ ජාතීන් ඇමෙරිකා මහාද්වීපයට පැමිණි බව සියලු ඉතිහාසය දන්නෝ දනිති. ඔහු එහි ගිය පළමු යුරෝපීයා ලෙස සළකනු ලැබේ. නමුත් වෛකින්වරුන් ඊට බොහෝ පෙර එහි පැමිණි බව පිළිගැනුමක් ඇත. (නි)
ඇමරිකාව කවුරු හොයා ගත්තම අපිට මොකෝ ? දැන් ඒක අයිති ඒ රට දියුණු කරගත් අයට. අපේ රාවණාගේ රටේ අය වන සම්පත් , දැව සම්පත් ඖෂධ සම්පත් විදේශිකයන්ට විකුණා කනවා පමණක් නොව අර තෙල් ටැංකි ටිකත් බදු දීල කනවා. අන්න ඒවා ගැන සටන් කොලොත්, ඔය රාවණට අයිති මේ පුංචි රට වත් පරිස්සම් කොර ගත්තොත් නේද හොද ?(දිල්)
උපුල් සමග මමත් එකතු වෙනවා. හෙලතිසි මහතාට ලෝකය සෙළවිලා යන අනාවරණයක් කළ හැකියි, සාක්ෂි සහිතව ඔබේ කරුණු ඉදිරිපත් කරනවා නම්. අපේ වාරි තාක්ෂණය ඉතාම පැරණි බව නොයෙක් අවස්ථා වලදී ඔප්පු වුණා. මාදුරුඔය ජලාශය හදද්දී මම ඇස් දෙකින් දැක්කා. හැබැයි හෙලතිසි මහතාණෙනි, ඔබ සාක්ෂි ඉදිරිපත් කළේ නැත්නම් ඔබේ කරුණු නිකම්ම පුස්සක් බවට පත්වෙනවා. (නි)
ලංකාවෙනෙ බලනකොට කට්ටිය ඉන්නේ ..! (නි)
ජේ, 1. රාවණා රජු ගැන ඓතිහාසික සාක්ෂි ලැබී නැත. 2. ඇමෙරිකාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. 3. යුරෝපා මුලාශ්‍ර මත පදනම් වූ නුතන ඉතිහාසය පිළිබඳ ඔබේ අදහස පිළිගනිමි. (නි)
මේ කිසිවක් ඇත්ත නොවේ ,ඇමෙරිකාව ඇත්තටම සොයා ගත්තේ රාවණ මහා රජතුමා ,එතුමා යටත් ප්‍රාන්ත 10 පාලනය කල කෙනෙක්,මේ එයින් එකක්,අමර නම් හෙළයා පළමුව ගොඩ බැසි නිසා ඇමෙරික වී තිබේ,කාශ්‍යප නම් හෙළයගේ නමින් කැස්පියන් මුහුදත් දනුබ් නම් හෙළයගේ නමින් ඩනියුබ් ගගත් රමණීය දේශය රුමේනියා නම් ලද සැටිත් තව නිදසුන්ය ,මේ වැළලී ගොස් ඇති හෙළ අධිරාජ්‍යයේ තතු හෙළි කර ගැනීම අපගේ වගකීමයි (අ)
"හෙළතිසි අසුරුවන්"? කවුද මේ? බුදු අම්මෝ! මට කලන්තය වගෙයි (නි)
හෙළතිසිට කොහෙන්හරි රන්පත් ඉරුවක් ලැබිලාද කොහෙද? (නි)
බටහිර ජාතින් දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නන් නොවේ.ඔවුන් කළේ දියුණු ශිෂ්ටාචාරයන් ආක්‍රමණය කිරීම හා ඒවායේ තිබුණු දේ කොල්ලකෑමයි.පසුව ඔවුන් අලුත් දේ ලෝකයට ඉදිරිපත් කළා.නමුත් සත්‍ය විනාශ කළ නොහැකි බව පවසන බුද්ධ වචනය අදටත් ,හෙටටත් වලංගු බවට මේවා සාක්ෂි දරනු ඇත. (නි)
ඉන්දු ඔයාට කියවන්නම ඕනෑ නම් "ගජබින්න අලංකාරය" නැමැති කෘතිය පරිශීලනය කරන්න. මෙය විහිළුවකට හෝ අගෞරවයකට කියනවා නොවේ, ඔයාට ඕනෑම නිසා කියන්නේ. කාටවත් කියන්න එපා හොදේ. (නි)
අසරුවන් නිවැරදියි (නි)
හෙලතිසි පුදුම සොයැගැනීමක්නේ කරලා තියෙන්නේ.ගහන්න පොතක් ඔය විස්තර දාලා ලෝකයම සෙළවිලා යන්න. (නි)
"හෙළතිසි අසුරුවන්", ඔයා මොකක්හරි සේනාවකට බැදුනා නම් හොදයි. ඇමෙරිකාවත් ලංකාවේ කොටසක් කියලා ළගදීම නාට්‍යයක් රග දක්වන්න පුළුවන් (නි)
හෙළ තිසි අසරුවන් මහා සිංහල ය ,කියන කතාව ඇත්තක් වෙන්ඩ ඇති. මම යෝජනා කරනවා මෙඑ අදහස රාවණ බලය හරහා වියාප්ත කරමු කියල. කොලොම්බස් පොළොස් කල මැරිච්ච කතාවකුත් මගේ ආතා කියල තිබුන.(අ)
කොලොම්බස් කියන්නේ කවුද අහිංසක මිනිස්සු මරපු තිරිසනෙක්, එත් පොඩිකාලේ අපිට උගන්වන්නේ කොලොම්බස් කියන්නේ විරයෙක් කියල, එයි ඉස්කෝලවල බොරු උගන්වන්නේ? (අ)
හෙළතිසි අසුරුවන්, ගජබින්නාලංකාරයද දිග හරින්නේ? (නි)
විල්බට් සහ ඔවිල් රයිට්ට ඉස්සර අහසින් ගියේ අපේ රාවණ රජතුමා උනාට ඉතිහාසයේ එහෙම නැහැ, මේකෙත් ඒ වගේ ඇත්තක් තියෙන්න බැරිත් නැහැ (දිල්)
අපි ඉතින් වන්සේ කබල්ගගා අරාබියට වහල්සේවයට කාන්තාවන් පටවන ගමන් ලෝකෙටම නය වෙමු. විමල් අය්යත් කරන්නේ වන්සේ කබල් ගාන එකමනේ. (අ)
ඕක හොයා ගත්තේ කවුද කියලා මම දන්නවා (නි)
සංජය, මොංගෝලියාවෙන් ඇතිවුණු මානවයා තමයි රුසියාවේ බීරින් සමුද්‍ර සන්ධිය හරහා ඇමරිකාවට ගියේ. එයාලම තමයි චීනයේ, ජපානයේ, තායිලන්තය වගේ රටවලටත් පැතිරුනේ. ඒකයි රතු ඉන්දියානුවන්ටත් චීන පෙනුමක් තියෙන්නේ. හමේ පාට ආදිය පරිසර තත්ත්වය අනුව වෙනස් වෙනවා. (නි)
ඇමරිකාව හොයා ගත්තෙ මාගම්පුර උපන් රාවණාට ජානමය සම්බන්ධකමක් ඇති ,ශාක්‍ය කුලයට නෑකම් කියන කැළණියේ දැනට ආත්ම භවයක සැරිසරන කෙනෙක් බව මාගේ මහා දාර්ශනික නුවණට වැටහේ. (නි)
ඇත්තටම මේ ලෝකයේ හැමදෙයක්ම පළමුව සොයාගෙන තියෙන්නේ , කරලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු කියලා අහද්දී මට හරිම සතුටක් දැනෙන්නේ. ඒ වගේම තමයි අපේ වර්තමානය... මොනවා වුණත් ඉතිහාසය අති දියුණුයි කියලා අහද්දිත් මට පුදුම සතුටක් දැනෙන්නේ. මම හිතන්නේ තව නොබෝ කලකින් අපිට දැනගන්න ලැබෙයි වෙඩි බේත් , තුවක්කු , පතරොම් , පළමු නැව හැදුවෙත් ලංකාවේ මිනිස්සු කියලා (නි)
හෙලතිසි අසුරුවන් කොතෙක් දුරට හරිද වැරදිද කියන්න මම නම් දන්නේ නැහැ. වැදගත් මහත්වරු කිහිපදෙනෙක් එයට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ගෞරවාන්විතව ඉල්ලා තිබෙනවා. එහෙත් සුද්දන්ට ආවඩන කිහිප දෙනෙකුට තරහා ගිහින් තිබෙනවා. හැදෙයිද අපේ රට? (නි)
රුමේනියාවේ නම ආවේ රමණිය දේශය කියන එකෙන් නොව රෝමන් (ඉතාලියන්) සම්බන්ධතාවය නිසාය. (නි)
රතු ඉන්දියානුවන් චීන පෙනුමක් තියෙනවා (අ)
හෙලතිසිගේ අදහස මාව උනන්දු කරනවා ඉතිහාසය ඉගෙන ගන්න, කරුණාකරලා කියන්න කොහෙන්ද මේවා කියවන්න පුළුවන්? මේක විහිලුවට හෝ, ඔබට අගෞරව කිරීමට අහනවා නෙවෙයි. ස්තුතියි.(දිල්)
අද ජීවත් වන බොහෝ මිනිසුන්ට මේවා සුරංගනා කතා වෙන්න පුළුවන්,ඒ බටහිර ජාතීන් අපේ මොළ සෝදා ඇති නිසා,නමුත් කවරෙක් හෝ සොයනවා නම් බොහෝ දේ සොයා ගත හැක,අපේ වාරි තාක්ෂණය ,වානේ තාක්ෂණය නිදසුන් කීපයක් පමණි,එදා හෙළ දීපය අදට වඩා 12 ගුණයක් විශාලයි,දේශගුණ ,සුනාමි හේතු නිසා එය මුහුදේ ගිලී තියෙනවා,පසු කාලයකදී ඉතිහාසය ලියුවන් යක්ෂ ගෝත්‍රයට නිසි තැන අහිමි කලත් අදටත් සමහරක් දේ ඉතිරි වී ඇත (අ)
අතීතයේ ඇත්ත වසන්කර තමාගේ හොයාගැනීමක් ලෙස කවුරුන් ලොවට හෙළි කරන්න හැදුවත් කවදාහරි ඇත්ත ජය ගන්නවා. (නි)
මේක විහිලු කරන්න යොදා ගන්න එපා.කොළොම්බස් දැනට ඇමරිකාව කියා හඳුන්වන රටට පය තැබුවේ නැහැ.ඔහු අනාවරණය කළේ මෙම මහාද්වීපයයි. ඔය චීනාට පෙර වෛකින්වරු ඇමරිකාවට ගොඩ බැහැලා තියෙනවා. ඒ 10-11 සියවස් වල. කවුරු කවුරුත් එනකොට එහේ ජනාවාස තිබුණා.එයාලා තමයි ආදීවාසීන්. (නි)