IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාශ්මීරයේ දේශපාලන නායකයන් තිදෙනෙක් අත්අඩංගුවට

සාමයට තර්ජනයක් බැවින් කාශ්මීරයේ සිටින දේශපාලන නායකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය බලධාරීහු අද (6) ප්‍රකාශ කළහ. 

කාශ්මීරයට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂ ස්වයංපාලනයක් ලබා දී තිබූ අතර භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව එම බලතල ලබා දී තිබෙන වගන්තිය අහෝසි කළේය. ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ විශේෂ නියෝගයකට අනුව අදාළ වගන්තිය අහෝසි කළ අතර ඒ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද කළේය.

අත්අඩංගුවට ගත් එම දේශපාලන නායකයන් තිදෙනා නිවාස අඩස්සියේ තබන බව ද ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.

“ඔබේ ක්‍රියාකාරකම් සාමය පවත්වාගෙන යෑමට බාධාවක් වී තිබෙනවා. එමෙන්ම ඔබේ මෑතකාලීන ක්‍රියාකාරකම් නීතිය හා සාමයට බාධාවක් සහ ඇතැම් ක්‍රියාකාරකම් නීතිය හා සාමය උල්ලංඝණය කර තිබෙනවා” යැයි ඔවුන් අත්අඩංගුවට ගැනීමට දුන් අධිකරණ නියෝගයේ සඳහන් වේ.

හිටපු මහ ඇමැතිවරුන් වන මෙහ්බූබා මුෆ්ති, ඕමාර් අබ්දුල්ලා සහ ප්‍රාදේශීය පක්ෂ නායකයකු වන සජාද් ලෝන් යන මහත්වරු පසුගිය සති අන්තයේදී නිවාස අඩස්සියට පත්වූහ. ඉන්දීය ආණ්ඩුව සඳුඳා අදාළ වගන්තිය ඉවත් කිරීමට පෙර කාශ්මීරයේ ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගෙන තිබිණි.

මේ වනවිට දෙවැනි දිනටත් කාශ්මීරය බාහිර ලෝකයෙන් හුදෙකලා කර තිබේ. කාශ්මීරයේ දුරකතන සහ අන්තර්ජාල සබඳතා ජාල නවතා දැමීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇති අතර කාශ්මීරයේ ආරක්ෂාව සඳහා දහස් ගණනක් හමුදාව යොදවා ඇත. ඊට අමතරව ඇඳිරි නීතිය ද පනවා ඇත. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 
 
055



අදහස් (0)

කාශ්මීරයේ දේශපාලන නායකයන් තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site