IMG-LOGO

කෝවේ අලුත් : මූණු පරණයි

ශ්‍රී ලංකාවට අලූතින් රජයක් පත්ව ඇතත් එහි ඇත්තේද පෙර තිබුණු මුහුණුවරම බව ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙමළ ජාතික බටහිර ගායිකා මායා අරුල්ප්‍රගාසම් හෙවත් එම්.අයි.ඒ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ පුවත් සේවාව හා පැවැත්වුනු සාකච්ඡාවකදී පැවසුවාය.

මහින්ද රාජපක්ෂ මහතා යුද අපරාධ සම්බන්ධයෙන් හෙග් නුවර අන්තර්ජාතික අධිකරණයට ගෙනයා යුතුවම ඇතැයිද ඇය අවධාරණය කළා

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට දෙමළ ජනතාව වැඩි වශයෙන් දායක්වී ඇති බව පෙන්වා දුන් ඇය සැබෑ සංහිදියාවක් ඇතිවීමටනම් දෙමළ ජනතාව ඉල්ලා සිටින මූලික අවශ්‍යතා සපුරා දීමට නව රජය කටයුතු කළ යුතුව ඇතැයි කීවාය.

උතුරට හමුදා භට පිරිස් දිගින් දිගටම අනුයුක්ත කර තැබීම ඇතුලූව රාජපක්ෂ රජය දෙමළ ජාතිකයින්ට සිදුකළ හා තවමත් ක්‍රියාත්මකව පවතින කරදර හිරිහැර වහා නවතා දැමීමට නව රජය කටයුතු කළ යුතුව බව ඇය අවධාරණය කළාය.

යාපනයේ හැදී වැඩී තිබෙන එම්.අයි.ඒ යුධ සමයේදී සරණ පතා බ්‍රිතාන්‍යයට පළා ගොස් තිබෙන්නියකි.ඇයගේ ගීත බොහෝමයක් ඇය කියනා පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව විඳීන ගැහැට තේමා කරගෙන නිර්මානයවූ ඒවාය.මෙම ගීත වලට අන්තර්ජාතිකව විශාල ප්‍රසිද්ධියක්ද හිමිව ඇත.



අදහස් (0)

කෝවේ අලුත් : මූණු පරණයි

පිටබැද්දර ජයා Friday, 16 January 2015 03:04 AM

යුධ හමුදාව රටේ හැමතැනම ස්ථානගත කරලා ඉන්නේ නෝනේ, රටේ ආරක්ෂාවට. ඔයාලට දැන් මේ ලැබිලා තියෙන නිදහසම මදිද ? අද ඔයාලගේ දරුවෝ නිදහසේ පාසල් යන්නේ නැද්ද ? බයක් සැකක් නැතුව කෝවිලකට යන්නේ නැද්ද? කැමති දේශපාලනයක් කරන්නේ නැද්ද? නිකන් ජාතිවාදය අවුස්සලා නැවත මේ රට මළගෙයක් කරන්න එපා. අද දෙමළ- සිංහල මිනිස්සු අතරේ හොඳ සංහිඳියාවක් ඇතිවේගෙන එනවා. ඒක සුබ දසුනක් (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 17 January 2015 02:13 AM

සමන් හරි, සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවේ දේශපාලනය කෙරෙන්නේ එයාලට ඕනෑ විදියට කියලා. (නි)

:       0       0

සමන් පෙරේරා Friday, 16 January 2015 04:42 AM

එම්.අයි.ඒ කියන්නේ යුරෝපේ ජනප්‍රිය ගායිකාවක් ලු. හැබැයි කොටි නිෂ්පාදනයක්, ඔය කියන ඒවා ගණන් ගන්න එපා බල්ලෝ බිරුවට කඳු කඩන් වැටෙන්නේ නැහැ. කවදා හරි ඔය යුරෝපයටත් වෙන්නේ ඇෆ්ගන් වලට වෙච්ච දේ. දැන් අයි.එස්.අයි.එස් ප්‍රශ්න, ඊළගට දෙමල ප්‍රශ්න බලාගෙන ඉන්නකෝ (නදී)

:       0       0

රජීව් Thursday, 15 January 2015 11:39 AM

අපි කිව්වොත්නේ ජාතිවාදී වෙන්නේ. මෙයාල කිව්වොත් ඒක එයාලගේ අයිතිය. අපි අපේ රටේ මොනතරම් අසරණද ? (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 18 January 2015 10:00 AM

අපි අපේ සිංහල කමට කතාකරම ජාතිවාදීන් ලෙස අපේම අය අපිව හංවඩු ගහන රටකනේ අපි ඉන්නේ. දැන්වත් ඇස් ඇරලා බලපල්ලා (නදී)

:       0       0

තේෂාන් Friday, 16 January 2015 06:44 AM

මමනම් කියන්නේ මෙයාට බේතක් දෙන්න ඕන. (හේ)

:       0       0

අශෝක Thursday, 15 January 2015 07:08 AM

ලැබුන ප්‍රසිද්ධිය තියාගෙන ලංකාවේ කෙනෙක් කියලා කිව්වට කමක් නෑ. (හේ)

:       0       0

සුදු මල්ලී Saturday, 17 January 2015 03:44 PM

මෙයාල කියන හැටියට දැන් තියෙන කරදර මොනාද ? (නදී)

:       0       0

ටී ජී ලියනගේ Thursday, 15 January 2015 07:43 AM

දෙමල ඡන්ද වලට සිංහල ආණ්ඩු පෙරලෙන රටේ, දැන් ඉතින් මේ වගේ කතා ඕනේ තරම් අහන්න ලැබෙයි. පටන් ගත්ත විතරනේ තව. (නදී)

:       0       0

වසන්ත Saturday, 17 January 2015 06:17 PM

කොහොමත් මේ අය හිතන්නෙම වෙනම රාජ්‍යයක්. මොකද ලෝකේ කිසිම තැනක එයාල වෙනුවෙන් නැහැනේ එහෙම තැනක්. අපේ සමහර දේශපාලන නායකයින්ගේ වැඩ නිසා තමයි මෙහෙම වෙන්නේ. මෙවැනි අයගේ කීම් වලට යුරෝපේ තැනක් තියනවා. සත්‍ය තේරුම් ගන්න. නමුත් මේ සිංහල බෞද්ධ රටට කිසිම කෙනෙක්ට හානියක් කරන්න බැහැ. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 16 January 2015 12:20 AM

රජීව් ඔබ හරි, මේ තවම පටන් ගත්ත විතරයි. මේ අසරණ ජාතිය ලෝකෙන්ම නැතිවෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි. (නදී)

:       0       0

සමන්ති Saturday, 17 January 2015 08:23 PM

ලලිතා අක්කා ලංකාවේ ප්‍රශ්න පෙන්නලා හම්බකලා. තමිල්නාඩු මිනිස්සු කොතරම් මෝඩ උනාද ? කවුරුත් යුද්ධය වික්කා (නදී)

:       0       0

නදීක Monday, 19 January 2015 07:07 PM

සිංහල දමිළ මුස්ලිම් සියලුම දෙනා ඉතාමත් සමගියෙන් සතුටෙන් කාලා බීලා හොඳින් ඉන්නවා.ජාතිවාදය අවුස්සන අයට බෙහෙතක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ශාන සෞදි Saturday, 17 January 2015 08:45 AM

එම්.අයි.ඒ කියන්නේ යුරෝපේ ජනප්‍රිය ගායිකාවක් ලු. හැබැයි කොටි නිෂ්පාදනයක්, ඔය කියන ඒවා ගණන් ගන්න එපා බල්ලෝ බිරුවට කඳු කඩන් වැටෙන්නේ නැහැ. අපි දිනුවේ අපේ ඡන්ද වලින්. උතුර නැගෙනහිර සම්පුර්ණයෙන්ම අයින් කලත් මෛත්‍රීපාල මහතා දිනුම්. ඕනවට වැඩිය උදම් අනන්න එපා. සුළුතර ජනතාවගෙන් දිනුවේ කියල ජයලලිතට උනදේම තමා වෙන්නේ. වෙන රටවල ඉදන් අපේ රටේ දේවල්වලට කට නොඅරින තරමට තමන්ට ගුණයි. හොඳට මතක තියා ගන්න අරුල්ප්‍රගාසම් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා (නදී)

:       0       0

අවන්ති Sunday, 18 January 2015 02:56 AM

මේ දවල් හීන දකින්න එපා. අපේ රටට කෙනෙහිලිකම් කරන්න රටේ ජනතාව ඉන්නකම් බැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site