කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ නිවාසයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් හැත්තෑ දෙදෙනකු අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. විවිධ ප‍්‍රශ්න හේතුවෙන් රැකියා අහිමි වූ හෝ රැකියාස්ථාන වලින් පලා ආ පිරිස් මේ අතර වෙතැයි එරට ශ්‍රී ලංකා තානාපති, කාර්යාලය පවසයි. කුවේට් හි ශ්‍රී ලංකා තානාපති සී,ඒ.එච්.එම්. දිසානායක මහතා එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙස මෙම පිරිස කුවේට් රජයේ වියදමින් මෙරටට එවීමට කටයුතු කොට තිබේ. මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිස ශ්‍රී ලංකාවට එවීමට කුවේට් ගුවන් සේවයේ අනුග‍්‍රහයද ලැබුණු බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (19) පැවසීය. තවත් ශ්‍රී ලාංකිකයන් 450 ක් පමණ දෙනා තානාපති කාර්යාලයේ රැකවරණ නිවාසයේ රැඳී සිටින බවද එම නිලධාරීයා තව දුරටත් සඳහන් කළේය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd