කොරෝනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා කුවේටය ඉරිදා (10) සිට දක්වා දින 20ක් එක දිගට ඇඳිරි නීතිය පනවා තිබේ.
කුවේට් රජය විසින් එය හඳුන්වා ඇත්තේ "සම්පූර්ණ ඇඳිරි නීතියක්" ලෙසිනි.
මෙතෙක් කුවේටයේ පැවතියේ සවස 4.00 සිට උදෑසන 8.00 දක්වා දිනකට පැය 16ක ඇඳිරි නීතියකි.
රජයේ අමාත්‍යාංශ ඇතුළු කාර්යාලවල වැඩ කටයුතු ද මැයි 31 දක්වා අත්හිටුවා තිබේ.
කුවේටයේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 7 208ක් වාර්තා වන අතර මරණ 47ක් සිදුවී තිබේ.
පසුගිය පැය 24 තුළ රෝගීන් 641ක් වාර්තා වුණු අතර මරණ 03ක් සිදුවිය.
ගල්ෆ් රටවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 000ක් දක්වා ඉහල ගොස් ඇත.
සවුදි අරාබියේ පමණක් රෝගින් 35 000ක් වාර්තා වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd