තම ආහාරවේල උදුරාගැනීමට පැමිණි කිඹුලකු සමග සිංහ රැළක් මාරාන්තික සටනක නියැලෙන ආකාරය පටිගත කිරීමට කායි බැනක්සි නමැති ඡායාරූප ශිල්පියකු සමත්ව සිටියි. ඔහු මෙය දැක ඇත්තේ කෙන්යාවේ සම්බුරු ජාතික රක්ෂිතයේ සතුන් නැරඹීමට ගොස් සිටිය දීය. ජලාශ්රිත ප්රදේශයක මියගිය අලියකුගේ මළ කුණක් කා දමමින් සිටි සිංහයන් හතර දෙනෙකි. ලොව විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා උරගයා සහ ලොව දරුණුතම උරගයා වන නයිල් කිඹුලකු මේ දෙසට පැමිණෙමින් සිටින බව දුටු එක් සිංහ ධේනුවක් කිඹුලා වෙත පැන පොර බැදීම ආරම්භ කැර ඇත. ඒ සමගම ඒ වෙත පැමිණි අනෙක් සිංහයන් ද හදිසියේ මතුවූ සතුරා පරාජය කිරීමට විනාඩි කිහිපයක දරුණු සටනක නිරතවූ බව බැනක්සි පවසයි. සිංහයන්ගෙන් ගැලවීගත් කිඹුලා යලි ජලයට බැස නොපෙනී ගියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දි, පවු නේද ජයා? (නි)
ඔය කෑගහන ගැහැණු පාර්ශවය දැනගත්තොත් හොදා අපේ සිංහල කොල්ලෝ නැත්තම් තාමත් මරබයේ පාරට බහින්නේ ඔයාල. (අ)
කිඹුලත් ජීවත් වෙන්නේ මස් කාල සිංහයොත් එහෙමයි. මේකට මස් නොකන පුංචි අපි පැටලෙන්න ඕනේ නැහැ. අපි බලමුකෝ ඌවෙදි සිංහයෝයි කිඹුල්ලුයි බලය වෙනුවෙන් මරා ගන්න හැටි.(නදී)
සත්යයා, ඒ කියන්නෙ කවුරු කවුරුත් දඟලන්නේ තමන්ගෙම කෑම වේල පිරිමහගන්න කියන එක නේද? (නදී)
කිඹුලා කොච්චර කට ඇරලා උෟයි කිව්වත් සිංහයා නෙමෙයි ගණන් ගන්නේ (නදී)
කිංස්ලි පෙරේරා, මොකද මේ හුස්ම නොගෙනම කියාගෙන ගියේ. ගැහැණු සත්තු ටික ගැන ඉරිසියාවක් වත් හිතුනද..? මොනවා උනත් ඔයාගේ අදහස කියවල මම හොදට හිනාවෙලා ලේ පොඩ්ඩක් පිරිසිදු කර ගත්තා පාන්දරම. (නදී)
සිංහ දෙනුන් සටන් කරද්දී මහා ලොකු පිරිමි සිංහයා පැත්තකට වෙලා ඉන්න හැටි බලන්නකෝ. සටන දිනද්දී ඔන්න පොඩ්ඩක් යන්තමට ආවා. එහෙමත් පිරිමි මේ රටෙත් නැතුවා නොවේ (නි)
කලාතුරකින් දැකිය හැකි දසුනක් (නි)
සිංහයා වුණත් බලුවෙලා කියලත් හිතෙනවා. එක කිඹුලයි සිංහයෝ තුන් හතර දෙනයි , වැඩේ කැතයි නේද? බෙදාගන්න පුළුවන් තරම් තිබුනත් ඒක මේ තිරිසනුන්ට තේරෙන්නේ කොහොමද අපේ සමහරක් මිනිසුන්ටත් නොතේරෙනකොට. (නි)
කුමාරි, ඔයා කිව්ව දේමයි මටත් හිතුනේ, මෙතන එක සිංහයෙක්වත් නැහැ කියලා. ඒ උනාට ඉන්නවා. අඳුරන්න අමාරුයි. (නදී)
මේ සතුන්ගේ ලෝකයයි. (නි)
හැබැයි සණ්ඩු සරුවල් නොවී බෙදා හදාගෙන කෑවා නම් ඔය කට්ටියටම දවස් ගණනක් කන්න තිබුනා. අපරාදේ නිකම් මිනී මරා ගන්නේ. (නදී)
සොෆිනා, සිංහයෝ පැනලා ගියෙ නැහැ. ඔයා අද ඉන්නේ ඒ නිදහස් සිංහදීපයේ තමයි.... (නි)
අනේ පවු .රුපවති බබා .(අ)
සොෆිනා, සිංහයෝ පැනල ගියේ නැහැ එහෙම පැනල ගියානම් ඔයාට රටක් නැහැ. එතන සිංහයාට දෙන්න ගේමක් නැහැ. එ්කයි පැත්තකට වෙලා බලන් ඉන්නේ අර අන්තිමට උනත් සිංහයා එන්නේ ඌ දන්නවා ගෙදර ගියාම දේනුව චුරු චුරු ගානවා කියලා. මම තනියෙන්නම සටන් කරා ඔයා නිකන්වත් උදව්වට අවේ නැහැ කියලා. මට මොනවා හරි උනානම් ඔයානම් තව කාව හරි හොයා ගනී මගේ ළමයිට යන කලදසාව මොකක්ද. ඕවා අහන්න බැරි කමට තමයි එන්නේ. එ්ක නිසා ගැහැණු අය ආඩම්බර වෙන්න එපා මහා ලොකු වැඩක් කරා කියල. (නදී)
සිංහයෝ කීවට ඔක්කොම සිංහ ධේනු නේ ඉන්නේ මුන් මේ වාරියපොළ පැත්තේ රංචුවක් වෙන්න ඕනි (නදී)
මම තනියම සටන් කරා ඔයා නිකන්වත් ආවෙ නැහැ, මට මොනවා හරි උනානම් ඔයා නම් තව කාව හරි හොයා ගනී මගේ ළමයිට යන කල දසාව මොකක්ද...? අනේ කිංස්ලි , ඔයාගේ කොමන්ට් එක නම් මරේ මාරු.. සිනහ සාගරයයි....!(නදී)
මොනවා උනත් කිඹුලත් පව්. ඔච්චර ලොකු අලියෙක් හිටිය එකේ බැදගෙන කෑවා නම් හරිනේ (නදී)
අනේ නැහැ පහන්දී, මම මොකටද ඊර්ෂ්යා හිතන්නේ? (නි)
කුමාරි, මොකද සිංහ දෙනුන් කියන්නේ සිංහ කුලයේ අය නෙමෙයිද? ඒකතමා සිංහයින්ගේ හැටි. තමන්ගේ ජාතිය වෙනුවෙන් පිරිමියා නැත්නම් ගැහැණු හරි ඇවිල්ලා සටන් කරනවා.ඔයා ආඩම්බර වෙන්න ඕනෑ ඒ ගැන. (නි)
ඔතන සිංහයෝ ටික වැඩේට බැස්ස එක ඇත්ත ඒත් සිංහ කොල්ලක් බැස්ස නම් කිඹුලප්පුට සොරි .තේරෙන්නැති ගැහැණු උදවිය ලොකු ටෝක් දෙනවා . පව්!. (අ)
රෝහණ ඔබගේ කටට මසුරන් දාන්න වටිනවා. (නදී)
අපේ ඇස් වලින් දකින්න බැරි දෙයක් කළාට ඡායාරූප ශිල්පියාට පින්! (නි)
ඉතින් ජයා ඔයත් ලොකුම ටෝක් එකක් නේ දීල තියෙන්නේ (අ)
සිංහ හම පොරවාගත් නරිත් ඉන්නවා. (නි)
සත්තු ඔහොම තමා මිනිස්සු එහෙම වෙන්න නරකයි (අ)
මහානාම, සිංහයා,සිංහයා කිවුවට අනේ! මේ සිංහ දෙනුන්නේ (නි)
කෝ මේ බලු රාල(අ)
මොන තරම් බලවත් වුණත් හිස නමන්න වෙන වෙලාවක් එනවා. සතාට මනුස්සයට කියලා වෙනසක් නැහැ (නි)
සිංහයෝ එහෙම තමයි. කවදාවත් පස්සට යන්නේ නැහැ. (නි)
සිංහයා,සිංහයා කීවට අනේ මේ සිංහ දේනුවෝ...(අ).
මට නම් බයේ බැහැ. ගැහෙන හිතින් එක ඇහැක් වසාගෙන අනෙක් ඇහෙන් තමයි බැලුවේ.බය වුණාට ගොඩාක් ලස්සනයි ෆොටෝ ටික. පව් අලි හාමි ...! (නි)
එහෙම තමයි එයාලා. තමන්ගේ ජාතිය වෙනුවෙන් පිරිමියා නැත්නම් ගැහැණු හරි ඇවිල්ලා සටන් කරනවා. (නි)
අපිට මතකයි ඔය සිංහයෝ ටික දිව්වා කොළඹට කොටි එනවා කියා (නදී)
හැම ගින්නටම වැඩිය ලොකුයි කුසගින්න. (නි)
ළඟදීම අපේ රටේ සිංහයොත් සිංහ හම පොරවාගත් නරියන්ට ඔය වැඩේ කරනවාම තමයි. (නි)