IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා නායකයා හමුදා ප‍්‍රහාරයකින් මරුට

වසර 50 ක් පමණ තිස්සේ මිනීමැරීම්, පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ කොලොම්බියා ගරිල්ලා සංවිධානයක් වන ‘ෆාර්ක්’ (කොලොම්බියානු විප්ලවීය හමුදාව) සංවිධානයේ නායක ඇල්ෆොන්සෝ කැනෝ ඝාතනය කිරීමට එරට හමුදාව පෙරේදා (05) සමත් විය. ඇල්ෆොන්සෝ කැනෝ (63) ඝාතනයත් සමඟ ගරිල්ලන් අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කළ කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්, කියා සිටියේ  අවි බිම දමා යටත් වන ලෙසය. විප්ලවීය කැරැලිකරුවන් කණ්ඩායමක් ලෙස බිහිවූ ෆාර්ක් සංවිධානය, ආයුධ අතට ගත්තේ 1964 වසරේදී ධනවත් ඉඩම් හිමියන්ගෙන් අහිංසක ගැමියන්ට      සිදුවන අසාධාරණකම්වලට එරෙහිවය. ඉන් වසර ගණනකට පසු ඔවුන් කොලොම්බියා රජය සමඟ අවි ගැටුමකට මුල පිරුවේ, මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම් කිරීමත් ඒ හරහා ඔවුන්ගේ සංවිධානයට අරමුදල් රැස් කිරීමටත් පෙළඹීමෙන් පසුවය. ගරිල්ලා සටන්කාමී සංවිධානයක් ලෙස ෆාර්ක් සටන්කාමීන් සහ කොලොම්බියා රජය නිරන්තරයෙන් ගැටුණු අතර අඩසියවසක් තිස්සේ පැවැති එම ගැටුම් නිසා මේ වනවිට මිලියන හතරකගේ ජීවිත අහිමිවී ඇතැයි ද වාර්තා වේ. ලතින් ඇමෙරිකා රටක පැවැති දීර්ඝතම සිවිල් යුද්ධය ද එයයි. ගැටුම් පවතිද්දී පවා ජනාධිපති සැන්ටෝස්, ෆාර්ක් නායක ඇල්ෆොන්සෝ කැනෝ සමඟ අවස්ථා කිහිපයකදී සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක විය. හමුදා ප‍්‍රහාරයකින් ඇල්ෆොන්සෝ කැනෝ මියගිය බව ෆාර්ක් සංවිධානය ද ඒ බව පිළිගෙන ඇතැයි වාර්තා වේ. හමුදාව බාරයට පත් කැනෝගේ මළ සිරුර රහස් ස්ථානයක තබා ඇති බව කොලොම්බියානු පුවත්පත් පෙන්වා දෙයි. කොලොම්බියා රජයට කැනෝ සැඟවී සිටි තැන සොයා ගෙන ඔහු ඝාතනය කිරීමට හැකි වූයේ වසර ගණනක් තිස්සේ තොරතුරු සොයමින් සහ ඒවා අධ්‍යනය කිරීමෙන් පසුව යැයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි. කොලොම්බියාවේ කෝකා කඳුකරයේ ස්ථානයකට හමුදාව එල්ල කළ ප‍්‍රහාරයකින් කැනෝ පමණක් නොව ඔහුගේ පෙම්වතිය සහ තවත් සටන්කාමීන් කීප දෙනෙකු ද මියගිය බව හමුදාව පවසයි. කැනෝ ඝාතනය කිරීමට සමත් වීම කොලොම්බියා ජනාධිපති සැන්ටෝස් ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත්, නායකයාගේ මරණින් පසු ෆාර්ක් ගරිල්ලා සංවිධානය ඇද වැටෙනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එහෙත් ෆාර්ක් සංවිධානය පවසන්නේ තම නායකයා මියගියත් ඔහු ආරම්භ කළ සටන ජයග‍්‍රහණය තෙක් පවත්වාගෙන යන බවය. කැනෝ මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන කෙනකුට ඇමෙරිකන් ඩොලර් 37 ලක්ෂයක ත්‍යාගයක් පිරිනැමීමට කොලොම්බියා රජය නිවේදනය කර තිබුණි. ඝාතනය කෙරුණු ෆාර්ක් නායකයා කොලොම්බියා ජනාධිපති සැන්ටෝස් ෆාර්ක් නායකයාගේ මරණය දැනුම් දෙමින්...



අදහස් (0)

කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා නායකයා හමුදා ප‍්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site