මගීන් 477 දෙනකු සමග කොරියා මුහුදේ දී අද අනතුරට පත් වූ  සෙවෝල් දකුණු කොරියා නෞකාවේ ගමන් කළ පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුමක් අරඹා ඇතැයි කොරියා බලධාරීහු කියති.

ඒ සඳහා නාවික, වෙරළාරක්ෂක, ධීවර හා සිවින් නාවික යාත්‍රා 34ක් ද, හෙලිකොප්ටර 18ක් ද යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරියා අර්ධද්වීපයට අයත් ජේසු දූපතට ගමන් කරමින් තිබිය දී විශාල ශබ්දයක් නගමින් පෙරළී ගිය මෙම නෞකාවේ සිටි වැඩි පිරිසක් පාසල් සිසුන් බවත්, මේ වන විට 180 දෙනකු බේරාගෙන ඇති බවත්, මළ සිරුරු දෙකක් සොයා ගත් බවත් කියති.

නෞකාව අනතුරට පත් වූ මුහුදු සීමාවේ මඩ සහිත බැවින් සෙවීම් කටයුතු පහසු නොවන බව කොරියා ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.