තම කනට සතෙකු ඇතුළු වී ඇතැයි ප‍්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය ඕස්ටේ‍්‍රලියා ජාතික හෙන්ඩි‍්‍රක් හෙල්මර් හට තම දිවියේ අප‍්‍රසන්නම මොහොතට මුහුණ දීමට සිදුවූයේ තම කනට ඇතුළු වී සිටින්නේ කැරපොත්තෙකු බව දැනගත් විටය.
‘‘උදේ නැගිට්ටම මට දැණුනා කන ඇතුලේ මොකෙක් හරි සතෙක් ඉන්නවා කියලා.නමුත් මොන ජාතියේ සතෙක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ.‘‘ ඔහු කියයි.
චූෂකයක් භාවිතයෙන්ද පසුව කණට ජලය දැමීමෙන් සතා මරණයට පත් කර ඉවතට ගැනීමටද ඔහු තැත් කළත් ඉන් පලක් වී නොමැත.
‘‘මම කරපු දේ වලින් වුනේ සතා තවත් කලබල වෙච්ච එක.දවල් වෙද්දී වේදනාව ඉවසන්න බැරි වුණා.ඒ නිසා තමයි මම රෝහල් ගත වුණේ‘‘ හෙල්මර් කියයි.
රෝහලේදී වෛද්‍යවරුන් සිදුකළ පරීක්ෂාවෙන් හෙළිවූයේ හෙල්මර්ගේ කනට ඇතුල් වී සිටින්නෙ කැරපොත්තෙකු බවයි.සතා මරණයට පත්වීමට ඉඩහැර පිටතට ගැනීම යෝග්‍ය වන්නේ යැයි ඔවුන් නිගමනය කිරීම නිසා තවත් විනාඩි 10 ක් පමණ වේදනා විඳිමින් සිටීමට හෙල්මර්ට සිදු විය.
අවසානයේ හෙල්මර්ගේ කණේ සිරවී සිටි කැරපොත්තා පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
COMMENTS
ඕක මොකද්ද ලංකාවේ මුළු පාර්ලිමේන්තුවම අපේ කනෙන් රිංගන්නේ (දී)
කැරපොත්තෙක් කනට යනවා තේරෙන්නේ නැද්ද (දී)
හොඳ වෙලාවට ලොකු එකෙක් නොගියේ (දී)
අසාම් ගේ කතාවට මල් මිටක් මගෙන්.(දිල්)