ඇමරිකාව නිපදවූ කොරෝනා ඖෂධ කරල ධනවත් රටවල් කලින්ම මිල දී ගැනීමට තරගයක නිරතව සිටින සිටින බව වාර්තාවේ
ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව යන ආසියා පැසිෆික් රටවල් මෙම කරල මිලදී ගැනීමට ඉදිරියෙන්ම සිටන බවත් , එම රටවල් ඇතුළු සමස්ත රටවල් දැනටමත් මෙම කොරෝනා ඖෂධ එය නිපදවන මර්ස්ක් නම් ඇමරිකානු සමාගමෙන් ඇණවුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
එම රටවල් සියල්ලම කොරෝනා මර්දන එන්නත්කරණයට ප්‍රමාද වූ රටවල් ලෙසද සැලකේ.
තවමත් මෙම ඖෂධයට ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය නොලැබී තිබියදී ද ලොව පුරා විශාල ඉල්ලුමක් ගොඩ නැගී ප්‍රධානවේ.
මොල්නුපිරවියර් ඖෂධය මේ වනවිට ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙන අතර ඉදිරි දිනවල ඊට අනුමැතිය ලැබෙනු ඇතැයිද සදහන් වේ.
මෙම ඖෂධ කරල ඇති අධික ඉල්ලුම් නිසා එය වඩාත්ම අවශ්‍ය වන දිළිඳු රටවලට ඉක්මනින් ලබාගැනීමට නොහැකි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොල්නුපිරවියර් (Molnupiravir) නමින් හැඳින්වෙන මෙම කරල සැලකෙන්නේ ප්‍රතිවයිරස (anti viral) ඖෂධයක් ලෙසිනි. මර්ස්ක් නම් ඇමරිකානු සමාගම නිපදවනු ලබන මෙය ඇතැමුන් ‘මර්ස්ක් කරළ’ යනුවෙන්ද හඳුන්වනු ලබයි.
මෙම ඖෂධය නිසා, රෝගය බරපතළ වීමට සහ මිය යාමට ඇති ඉඩ සියයට 50කින් පමණ අඩු වන බව විශ්වාස කෙරෙන අතර එය වසංගත තත්ත්වයෙහි විශාල වෙනසක් කළ හැකි ඖෂධයක් ලෙස පිළිගැනේ.
(සී.එන්.එන්.)
2025 දෙසැම්බර් මස 18
108
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා සුව කරන කරල මිලදී ගන්න තරගයක්