චීනයේ කොරෝනා වයිරසය ආසාදනය වූ සෞඛ්‍ය සේවකයින් හයදෙනෙකු මේ වනවිට මියගොස් ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය සේවකයින් 1716 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර එයින් 1102 ක්ම වුහාන්හි වෛද්‍ය සේවකයෝ වෙති.
හුබෙයි පළාතේ වෛද්‍ය සේවකයින් 400කට රෝගය ආසාදනය වී ඇත.
චීන ජාතික සෞඛ්‍ය කොමිසන් සභාවේ උප අමාත්‍ය සෙන්ග් යික්සින් පැවසූයේ කාර්යමණ්ඩල අතර අසාදිතයින් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවයි.
සෞඛ්‍ය සේවකයින්ට ඉතා බරපතල රාජකාරීවලට මුහුණ දීමට සිදුව ඇති අතර ඔවුන්ගේ විවේකය සීමා සහිත වී ඇත.
ඔවුන්ගේ මානසික පීඩනය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බැවින් ආසාදන අවදානම ද වැඩිවී තිබේ.
(බීබිසි ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd