තුර්කි රජය සමඟ පැවැති සාම සාකච්ඡාවලින් අනතුරුව එරටින් ඉවත්වීමට කුර්දි සටන්කාමීහු තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
ලබන මැයි 8 සිට තුර්කියෙන් ඉවත්ව උතුරු ඉරාකය බලා යාමට සූදානමින් සිටින බව කුර්දි සටන්කාමී නායක මුරාට් කරයිලන් පැවැසීය. තුර්කියෙන් ඉවත්වීම අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතය.
තමා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තුර්කි හමුදා ඉතා සංවේදීව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව කී කරයිලන්, යම් අවස්ථාවක ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඊට ප‍්‍රතිචාර දැක්වීමට තමන් පසුබට නොවන බවද කීය.
යම් ලෙසකින් කුර්දි සටන්කාමීන් ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල වූවහොත් උතුරු ඉරාකයට යෑම නවතා තුර්කියේ රැඳී සිටින බව ද කරයිලන් අවධාරණය කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.