IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ ගොස් 65 ක් මරුට

පකිස්ථානයේ කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් 65 දෙනකු පමණ මිය ගොස් ඇතැයි වාර්තා වේ. 
 
පසුගිය දින තුනක කාලයේදී මෙම මරණ සිදුවී ඇත.
 
සඳදා (21) දිනයේ කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ක් වැනි ඉහළ අගයක පැවති අතර මැයි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් බව කාළගුණ අංශ වාර්තා කර තිබිණි. 
 
නගරය පුරා විදුලි බලය ඇණ හිටීමෙන් සහ මුස්ලිම්වරුන්ගේ උපවාස සමය ආරම්භවීම හේතුවෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරුණු බව පැවසේ.
 
මෙම වාතාවරණය තව දින කිහිපයක් පවතිනු ඇති බැවින් දැඩි උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහා නිවෙස් තුළට වී සිටින ලෙස ආපදා කළමනාකරණ අංශය ජනතාවට උපදෙස් දී ඇත.
 
2015 වර්ෂයේ කරච්චි නුවර ඇතිවුණු මෙවැනිම අධික උෂ්ණත්ව තත්ත්වයකින් 1300ක් දෙනකු මියගිය බව වාර්තා වී ඇත.
 
(බීබීසි ඇසුරිණි - 085) 



අදහස් (0)

කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ ගොස් 65 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site