බබා කොටන තැනැනත්තා හෝ තැනැත්තිය සොයාගැනීමට අවස්ථාව සළසන අපූරු වෙළදපොළක් චීනයේ ඇත.
‘විවාහ වෙළදපොළ‘ ලෙස හැදින්වෙන මෙය පිහිටා තිඛෙන්නේ චීනයේ ෂැන්ග්හයි නගරයේය. වචනයේ අරථයෙන්ම මෙහි වෙළදාම් කෙරෙන්නේ විවාහයයි.
තාප්ප, රෙදි වැල්, ගස් පුරා පත්‍රිකා එල්ලා තිඛෙන අතර ඒවායේ දැක්වෙන්නේ තනිකඩයින්ගේ තොරතුරුය.උස, බර, පැහැයේ සිට, පවුලේ කී දෙනෙක් සිටීද, කොපමණ ආදායමක් උපයයිද, දේපළ කොපමණ තිබේද ආදී තොරතුරු ඒවායේ ඇත.
මෙම වෙළදපොළ පිරී පවතින්නේ තනිකඩ දරුවන් සිටින දෙමව්පියන්ගෙන් වන අතර ඔවුන් එකක් නෑර මෙම පත්‍රිකාවන් පරීක්ෂාවේ යෙදෙනේනේ තම දරුවාට ගැලපෙන්නා සොයාගැනීමටය.
තෝරාගැනීමක් සිදුකළ පසු එම පති්‍රකාවේ සදහන් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ දෙමව්පියන් හමුවී කටයුත්ත තීන්දු කර ගැනේ.අනාගත යුවළට එකිනෙකා හමුවීමට අවසරය ලැඛෙන්නේ ඉන් පසුවය.
දෙමව්පියන්ගේ මේ ක්‍රියාකලාපයන්ට වත්මන් චීන තරුණ තරුණියන්ගේ වැඩි මනාපයක් නැතැයිද සදහන්ය.විවාහ වීමටත් වඩා තම තමන්ගේ රැකියා හා අධ්‍යාපනය ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන් කාලය යොදවා තිබීම මීට හේතුවයි.
එසේයැයි කියා ඔවුන්ට කැමති දෙයක් කර ගැනීමට ඉඩ දී නිකම් සිටීමට ඔවුන්ගේ මව්පියන් නම් සූදානම් නැති බව හොදින්ම පෙනේ.
COMMENTS