IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කියුබා ජනපති චීනයේ සංචාරයක

කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ සිවුදින නිල සංචාරයක් සඳහා පෙරේදා (05) චීනයට පැමිණියේය. බීජීං නුවර පැමිණි කියුබා නායකයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට චීන ජනපති හූ ජින්තා ඕ කටයුතු යොදා තිබුණි. කියුබාවේ කි‍්‍රයාත්මක ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇගැයීමට ලක් කළ චීන ජනාධිපති හූ ජින්තා ඕ පැවැසුවේ කියුබාවට මූල්‍ය ආධාර ලබා දීමට චීන රජය කැමැත්ත පළ කළ බවය. ඒ අනුව කියුබාවේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමටත්, තාක්ෂණික දියුණුවක් ඇතිකිරීමටත් චීනයේ සහාය ලැබෙනු ඇත. කොමියුනිස්ට් නායකයන් දෙදෙනකු වන චීන ජනපති සහ කියුබා නායකයා අතර හමුව ඉතා සුහදශීලී එකක් වූ බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි. මීට අමතරව දේශපාලනික වශයෙන් සබඳතා ශක්තිමත් කර ගැනීමට ද නායකයෝ දෙදෙන සමත් වූහ. ”කියුබාවත් චීනයත් අතර ද්වීපාර්වික සබඳතා පසුගිය වසරවලදී දියුණු වීම ගැන මා සතුටු වෙනවා. කියුබාවේ සිදුවන සංවර්ධන කටයුතුවලට දායක වෙන්න චීන රජය සූදානම්” යැයි කියුබා නායකයා හමුවීමෙන් පසු කෙටි මාධ්‍ය හමුවක් පවත්වමින් චීන ජනපතිවරයා ප‍්‍රකාශ කළේය. ෆිදෙල් කස්ත්‍රෝගේ සොහොයුරා වන රාවුල් කස්ත්‍රෝ කියුබාවේ ජනපති ලෙස වැඩ බාර ගත්තේ මීට වසර කිහිපයකට පෙර අයපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ෆිදෙල් කස්ත්‍රෝ ජනපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේදීය. රාවුල් කස්ත්‍රෝ  (වමේ) චීන ජනපති සමඟ



අදහස් (0)

කියුබා ජනපති චීනයේ සංචාරයක

ශාන් Sunday, 08 July 2012 04:47 AM

රාවුල් කියන්නේ පිදල් කස්ත්‍රොගේ සොහොයුරා වගේම චේගුවේරාගෙ හොදම යාලුවෙක්.. මොවුන් සියලුම දෙනා එකට එකතුවෙලා තමයි කියුබා විප්ලවයට උර දුන්නෙ.. ඇමරිකානු ධනපතිවාදය මේ ලෝකෙ ගිල ගනිමින් යද්දි සියලුම සමාජවාදී නායකයෝ එකතුවෙනවානම් ඒක අපි වගේ පුංචි රටකට ලොකු ශක්තියක්.. රාවුල් කස්ත්‍රෝට ජය ශ්‍රී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site