ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා කඳවුරට ඊයේ (2) අලූයම තලේබාන් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එයින් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වී 10 දෙනෙක් තුවාල ලැබූහ.
මියගිය අය අතර සිවිල් වැසියෝ දෙදෙනෙක් ද සිටිති. සෙසු පිරිස කඳවුරේ ආරක්ෂාවට සිටි ඇෆ්ගන් හමුදා සෙබළුන්ය. ප‍්‍රහාරය එල්ල වූයේ අලූයම 4.30 ටය. ප‍්‍රහාරය සඳහා තලේබාන් බෝම්බකරුවෝ සිව් දෙනකු පැමිණ ඇත.
පළමු බෝම්බකරු, පුපුරන ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයකින් කඳවුරේ ප‍්‍රධාන ගේට්ටු වෙත පැමිණ පුපුරුවා ගෙන ඇති අතර, බෝම්බ කබා පැළඳ සිටි අනෙක් බෝම්බකරුවන් තිදෙනා එම පිපිරීමත් සමඟ කඳවුර තුළට කඩා වැදීමට තැත් කර තිබේ.
කඳවුරේ ආරක්ෂාවට සිටි ඇෆ්ගන් සෙබළුන් ඔවුන්ට වෙඩි තබා ඇති අතර, බෝම්බ පුපුරුවා ගැනීමට පෙර ඔවුන් තිදෙනා මරා දැමීමට ද හැකි වී ඇත.
ප‍්‍රහාරය සිදුවී පැය කිහිපයක් ගතවෙද්දී එහි වගකීම තලේබාන් සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැයි ද වාර්තා විය.
එම බෝම්බ ප‍්‍රහාරය සිදුවුණේ ඇමෙරිකා රජය, කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවා ඇති තලේබාන් ‘සාම කාර්යාලය’ සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට සූදානම් වෙද්දීය.
2025 ඔක්තෝබර් මස 08
1542
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1354
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
488
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කාබුල් අගනුවර නේටෝ කඳවුරට තලේබාන් ප‍්‍රහාරයක්