විභාග ‘‘කොපි‘‘ කිරීමේ යෙදෙන සිසුන් නියමුවන් නැති ඩෝන යාත්‍රා මගින් හදුනාගැනීමට කටයුතු කරන පාසලක් පිළිඹදව බෙල්ජියමෙන් වාර්තා වේ.
බෙල්ජියමේ තොමස් මුවර් විද්‍යාලයේ මෙම අපූරු උපක‍්‍රමය භාවිතයේ යෙදවේ.ඩ්‍රෝන යානා පාලනය කෙරෙනුයේ විභාග පරීක්ෂකයින් අතින් වන අතර ඔවුහු එම යානා විභාග ශාලාව පුරා යවමින් සිසුන් නිරීක්ෂණය කරති.
ඩ්‍රෝන යානා වල සවිකර ඇති කැමරා මේ සදහා උපකාරී වේ.
කෙසේවුවත් මේ සදහා සිසුන්ගෙන්නම් පළවී ඇත්තේ යහපත් ප‍්‍රතිචාරයක් නොවේ.කොපි කිරීම කෙසේ වෙතත් ඩ්‍රෝන යානයන්ගේ කැරකෙන තටු වලින් නිකුත් වන වායු දහරාතම පිළිතුරු පත‍්‍ර විසිරුවා දමන්නේයැයිද ඒවා ආරක්ෂා කර ගැනීමට අනවශ්‍ය ලෙස කාලය වැය කිරීමට සිදුව ඇතැයිද ඔවුහු කියති.
COMMENTS
සිවිලිමේ සිසීටීවී කැමරා හයි කලානන් ඉවරයිනෙ(දී)