IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෑදරකම නැතිකරන නිවිති

නිවිති අධික ස්ථූලත්වයෙන් යුත්  අයගේ ශරීරයේ බර අඩුකරණ නවතම ආහාරයක් බව පර්යේෂනයක් මගින් සොයාගෙන තිබේ. නිවිති ආහාරයට එක්කැර ගැනීමෙන් ආහාර ගැනීමට ඇති කෑදරකම සියයට 95කින් අඩුකරන බව පර්යේෂකයෝ කියති.

ස්වීඩන්හි ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ නිවිති නටුවේ අඩංගු කොලපැහැති පටලය එනම් තයිලකොයිඩ්ස් මගින් ශරීර බර සියයට 43 කින් අඩුකරන බවයි.

අධික ස්ථුලතාවය ඇති කාන්තාවන් 38 දෙනකු යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ ආහාරයට ඇති ලොල්බව හේතුවෙන් සිරුරට අහිතකර පැණිරස හා ක්ෂණික ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන බවයි.

තයිලකොයිඩ් සිරුරේ සංතෘප්ත හෝමෝන ශක්තිමත් කරයි. එමගින් ආහාරවලට ඇති ලොල්බව අඩුවේ. එය ආහාරය පාලනයට වැදගත් වේ. පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය චාලට් එලන්සන් ඇල්බට්සන් පවසන්නේ තයිලකොයිඩ් අඩංගු පානයක් ආහාරයට පෙර පානය කිරිමෙන් ආහාරයට ඇති තදබල ලොල් බව අඩුවී දිනය පුරාම තෘප්තිමත් හැඟීමෙන් සිටිය හැකි බවයි.

පර්යේෂණයට යොදා ගත් කාන්තාවන් කොටස් දෙකකට බෙදා එක් කොටසකට දිනපතා නිවිති යම් ප්‍රමාණයක් ලබාදුන් අතර අනෙක් කණ්ඩායමට වෙනත් ඖෂධයක් ලබාදෙන ලදී. මාස තුනක කාලයක් මේ ආකාරයෙන් ලබාදීමේදී ඔවුන්ට දී තිබූ එකම උපදෙස වූයේ දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා සමතුලිත ආහාර වේලක් ලබාගත යුතු බව පමණි.

දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ ඖෂධ ලබාදුන් කණ්ඩායම ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 3.5ක සාමාන්‍යයකින් අඩුකරගෙන තිබිණි. නිවිති ලබාගත් කණ්ඩායමේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් පහක සාමාන්‍යයකින් අඩුවී තිබිණි.

එමෙන්ම මෙහි දී අවධානය යොමුවූ අනෙක් වැදලත් කරුණ වන්නේ නිවිති ලබාගත් කණ්ඩායම දිනයේ ප්‍රධාන ආහාරවේල් තුනෙන් පමණක් සෑහීමකට පත්වී සිටීමයි. අතරමැද අවස්ථාවල දී ඔවුන්ට කුස ගින්නක් සෑදි නැත.

spinach 1



අදහස් (0)

කෑදරකම නැතිකරන නිවිති

සලීම් Monday, 20 October 2014 06:09 PM

ඉතා හොඳ පුවතක් (නි)

:       0       0

ජයනාත් Saturday, 06 September 2014 01:48 PM

ස්තූතියි ලංකාදීප! (නි)

:       0       0

තිලක් Friday, 05 September 2014 09:58 AM

අපේ රටේ ජනතවට හොඳ පුවතක් .මේ වැනි ලිපි විතර පළ කරන්න (දිල්)

:       0       0

සර්ධා Saturday, 06 September 2014 04:23 PM

අපේ රටේ දේවල් කවදත් ඉස්තරම් (අ)

:       0       0

නලින් යහම්පත් Saturday, 06 September 2014 06:20 PM

දැනට අවුරුදු 40 කට පෙර ලංකාවේ පුවත්පත් වලින් සහ දැන්වීම් වලින් දුටුවේ අපි දුටුවේ කෙට්ටුව මට්ටු කර දැවැන්ත පුරුෂයකු වීමට බෙහෙත් සහ කෙම් වර්ග. අද ඒකේ අනෙක් පැත්ත (නි)

:       0       0

කුමාරි Friday, 05 September 2014 02:59 AM

කෙට්ටු වෙන්ට එක එක දොස්තරලා ලඟට ගිහින් මැරෙනවට වඩා මේ වගේ දේවල් වලින් කෙට්ටු වෙන්ට පුලුවන්නම් කොච්චර හොඳද ස්වභාවික දේවල් වලට මිනිස්සු හුරු කල යුතුයි (නදී)

:       0       0

ප්‍රබෝධා Friday, 05 September 2014 04:13 AM

හොඳ ආහාරයක් නේද? (නි)

:       0       0

ඩයස් වික්‍රමසිංහ Saturday, 06 September 2014 09:43 AM

හොඳ දේ හොඳයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site