IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


‘කණ කැස්බෑවා වියසිදුරෙන් අහසත් දකී‘

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ "බෝල්ට්" යන ඉංග්‍රීසි වචනයට දීඇති අර්ථ අතර "දීප්තිමත් අකුණ" යන්නත් ඇතුළත්ව ඇත. අදනම් බෝල්ට් කී විගසින්ම බොහෝ දෙනෙකුගේ මනසෙහි මැවෙන්නේ ජැමෙයිකා ලෝක ධාවන ශුරී උසේන් බෝල්ට් විය යුතුය. අකුණු සැරයක් විගසින් බෝල්ට් ලොවවටා මලල ක්‍රීඩා තරගවලදී පෙන්වා ඇති අසමසම හපන්කම මෙයට හේතුවවී ඇත.

පසුගිය දිනෙක මොස්කව්හි පැවැත්වු ජගත් ශුරතා මළල ක්‍රීඩා තරගයේදීද ඔහු මීටර් 100 දිවීමේ තරඟය ජයගත්තේ අකුණු සැරයක වේගයකින් දුව යමිනි.

එදා තරගය පවත්වන ලද්දේ  මද වර්ෂාවක් පවතින අතරවාරයේදීය. එම දේශගුණික තත්ත්වය තරගකාරීන්ට බෙහෙවින්ම ප්‍රශ්නකාරී විය. වර්ෂාව අතර තුර මොස්කව් නුවර ආලෝකමත්කරවන තරමේ විශාල විදුලි කෙටීම්ද ඇතිවිය.

ධාරානිපාත වැස්ස මෙන්ම අඛණ්‌ඩ විදුලි කෙටීම් උග්‍රවනවිට ක්‍රීඩා තරගය නවතා දැමීමට පවා සිදුවිය හැකිබව බොහෝදෙනකු අනුමාන කරන තරමට තත්ත්වය බැරෑරුම් වුවද, කාල සටහන අනුව සියලු තරග ක්‍රියාත්මක කිරීමට බලධාරීහු තීරණය කළහ.

උසේන් බෝල්ට් තමන්ගේ මීටර් සීය අවසන්කළේ අහස්තලය පුරා ගිගුම්දුන් හෙන හඬ මැද්දේය. 

එම තරගයේ ඡායාරුප ගැනීම සඳහා පැමිණ සිටි කැමරාශිල්පීන් අතර ප්‍රංශ පුවත් සේවයේ ඔලිවියර් මොරින්ද සිටියේ පින්තුර ගැනීමට තරම් සුදුසුනොවන දේශගුණික තත්වය පිළිබඳව කලකිරුණු සිතිනි.

මෙවැනි අලකලන්චියකදී වැස්ස වලාහක දෙවියන්ට යාදිනි කීම ගැන කිසි අවබෝධයක් නොතිබුණි. ඔහු වැස්සෙන් නොතෙමී ඉන්නට සිතා මීටර් සියය තරග ඉසව්ව අවසන්වන තැන කොනකටවී තම කැමරාව අටවාගෙන ඔහු බලාසිටියේ වෙනත් කරන්නට දෙයක් නොතිබු බැවිනි.

පිරිමි මීටර 100 අවසාන තරගයේ අවසන් මොහොත පැමිණියේය. ජයග්‍රාහී යුසේන් බෝල්ට්‌ (9.77) තරගාවසාන රේඛාවට සමීපව සිටියි. අහසේ විදුලි කෙටීම්ය. තරගාවලියේ  නම බැනරයේ දැක්‌වෙයි. එය පහළින් ඉසව්ව හදුන්වාදෙන ඉලෙක්‌ට්‍රොනික්‌ පුවරුවය. සෙසු ඡායාරූප ශිල්පීහු බෝල්ට්‌ට සමාන්තරව තරගෙට මෙන් ජය කණුව දෙසට හැල්මේ දුවති. ඒ හැමදෙනාම පොරකෑවේ තරගාවසානයෙන් පසු බෝල්ට්‌ ජයග්‍රහණය සමරන අයුරු කැමරාගත කරගැනීමටය.

ඔලිවියර් මොරින් ඒ කිසිදෙයක් නොතකා හිටි තැනින් නොසෙල්වී සිටම උසේන් බෝල්ට් ජයකණුව පසුකරනු ඡායාරුප ගතකළේය. 

තරගය අවසන්වුපසු තමන්ගේ පින්තුර කෙසේදැයි බලද්දී තම කැමරාවේ සටහන්වී තිබු එක ඡායාරුපයක් දුටුවිට ඔලිවියර් මොරින්ට තමන්ගේ දෙනෙත් අදහාගත නොහැකිවිය.

එම ඡායරුප අතරේ උසේන් බෝල්ට් ජයකණුව පසුකරන මොහොතේම ඉහළ අහසේ පැතිරීගිය අකුණු සැරයක්ද සටහන්වී තිබුණි. ඇසිපිය හෙළනතරමටත් වඩා වැඩි වේගයකින් ඇතිවී නැතිවී යන අකුණ බෝල්ට් ජයකණුව පසුකරන මොහොතේම පතිතවීමත් ඒ මොහොත කැමරා කාචයට හසුවීමත් භාග්‍ය සම්පන්න සිදුවීමකි.

මෙම ඡායාරුපය අද ලොව පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයකර ඇති අතර එවැනි අර්ථවත් පින්තුරයක් නැවත වතාවක් ගැනීමට හැකි අවස්තාවක් නොලැබෙනු ඇතිබව බොහෝ දෙනාගේ අදහසද වී ඇත. 

මෙය සහතිකයෙන්ම සත්‍ය ඡායාරූපයක්‌ නොව, රූප බද්ධකොට නිෂ්පාදනය කළ ඡායාරූපයක්‌ යැයි සිතීමට තරම් මෙම විශ්මිත ඡායාරුපය පිළිබඳව මුළු ලොවම මවිතව සිටියි.

මෙම අසාමාන්‍ය අපූරු ඡායාරූපය පිළිබඳව එහි හිමිකරුවන ඔලිවියර් මොරින් මෙසේ පවසයි.

"මම කැමරාව ක්‍රියාත්මක කරන විට විදුලි කෙටීමක්‌ දැක්‌කේ නැහැ. නමුත් කැමරාවේ සටහන් වූ එමචායරුප මගේ ජංගම පරිගණකයෙන් පරීක්ෂාකිරීමේදි තමයි මෙම තත්ත්වයේ අපූරු ඡායාරූප දෙකෙක්‌ම සටහන් වී තිබෙනු දැක්‌කේ."

අභූත කාලගුණික තත්ත්වයක් පවතින මොහොතක නිමේෂයක්‌ වැනි කාල පරාසයකදී කැමරාවක සටහන් වූ මෙම ඡායාරූපය මේ වන විට ලොව අංක එකේ ක්‍රීඩා ඡායාරූපය බවට පත්ව තිබේ.

මෙය සැබවින්ම කණ කැස්බෑවෙකු විය සිදුරකින් දක්නා අකුණක් වැනිම දුර්ලභ සිදුවීමකි.


 



අදහස් (0)

‘කණ කැස්බෑවා වියසිදුරෙන් අහසත් දකී‘

වරුණ Saturday, 17 August 2013 07:32 PM

මේ සිදු වීම බුද්ධ දේශනාවේ සදහන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 774 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 909 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site