ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති එඩ්වර්ඩ් ගොච් විට්ලම් මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔහු 98 වැනි වියේ පසුවූයේය. ඕස්ට්‍රේලියාවේ අගමැතිවරු අතරින් වැඩිම ආයුෂ විඳි අගමැතිවරයා ලෙස එඩ්වර්ඩ් සැලකේ. 1972 සිට 1975 දක්වා පාලනය කළ එඩ්වඩ් විට්ලම් අගමැතිවරයා එරට අගමැතිධුරය හෙබවු 21 ක් වැනියාය. මොහු විදෙස් රටවල් සමග දැඩි සම්බන්ධයකම් තරකරගත් අගමැති වරයෙක් ලෙස ප්‍රකටය.
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා නිලධාරියෙක්, දේශපාලඥයෙක්, අගමැතිවරයෙක් මෙන්ම තානාපතිවරයෙක් හැටියට විවිධ ආකාරයේ ඔහු තම රටවෙනුවෙන් සේවය කැර ඇත.
වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ සහකරුවා වී ඇත්තේ චීනයයි. චීනය ඇතුළු රටවල් ගණනාවක් සමග ගිවිසුම් ඇතිකරගනිමින් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කළ අගමැති එඩ්වරඩ් චීනයට ගිය පළමු ඕස්ට්‍රේලියා අගමැතිවරයා ලෙස ද ඉතිහාසයට එක්ව ඇත. ඔහුගේ ගිවිසුම් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වර්ධනය කිරීමට ඉවහල් වූ බව විචාරකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රිකාව පාලනය කළෙත් සුදු මිනිස්සු. එතකොට අප්‍රිකාවත් බටහිර රටක්ද? (නි)
ධම්මික මෙතනදී "බටහිර" කියා හදුන්වනු ලබන්නේ, සුදු මිනිසුන් පාලනය කල, කියන අරුතයි. (නදී)
එහෙම තමයි ධම්මික, සමහර වෙලාවට මිනිස්සුන්ට උතුර දකුණ මාරු වෙනවනේ..(අ)
ගවනර් ජෙනරල් (සර් ජෝන් කර්) විසින් මොහුව අගමැති කමින් අස්කිරීමයි. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ එවැනි සිද්ධියක් සිදු වූ එකම අවස්ථාව එයයි. (හේ)
70 දශකයේ චීනය, ලෝකයේ අනිකුත් රටවලින් හුදෙකලා වී සිටි අවස්ථාවක චීනයට ගිය පළමු වැනි බටහිර නායකයා හැටියටද මෙතුමා ඉතිහාසගත වෙනවා.චීනය අදටත් මෙතුමාට ගරු කරනවා.(හේ)
මේ නායකයා සිටි කාලයේ ඕස්ට්‍රේලියාව තිබුනේ බටහිරද?(හේ)
ආසියා ජාතිකයන්ට ඔස්ට්‍ර්ලියාවට සංක්‍රමණය වීමට ඉඩ කඩ සලසා දුන්නේ මේ අගමැති වරයායි. ඊට පෙර තිබී ඇත්තේ සුදු හම ඇති විදේශිකයන්ට පමණක් සීමා වූ සංක්‍රමණ අවසරයක්.(හේ)
බටහිර කියන්නනේ ධනවාදී ආකල්ප ඇති රටවල්.(හේ)