ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ මේ දිනවල ඇතිවී ඇති ලැව්ගිනි හේතුවෙන් සිඩ්නි නගරය දුමාරයෙන් වැසී ගොස් තිබේ.
මේ හේතුවෙන් නගරයේ වාතයේ ගුණාත්මකභාවය අනතුරුදායක තත්ත්වයට ද පත්වී ඇත.
නගරයේ බටහිර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ යෑම හේතුවෙන් සිඩ්නි නගර වැසියන්ට අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ වාසය කරන මිලියන පහක් පමණ වන පිරිස සති කිහිපයක් පුරා මෙම ලැව්ගිනි අවදානමට මුහුණ පා සිටිති.
ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු මරණයට පත්වී තිබේ.
නිවාස සිය ගණනක් ද ලැව්ගිනිවලින් විනාශ විය.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.