
ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් වසර 17,300ක් පමණ පැරණි සිතුවමක් සොයාගෙන තිබේ. මෙය පාෂාණයක සිතුවම් කළ කැන්ගරුවෙකුගේ රූපයක් වන අතර එය ඕස්ට්‍රේලියාවෙන් හමුවූ පැරණිතම පාෂාණ සිතුවම බව බලධාරීහු පවසති.
මීටර් 2ක් පමණ දිග මෙම සිතුවම ගල් ගුහාවක පියස්සේ රතු පැහැයෙන් පින්තාරු කර තිබේ.
එය ආදිවාසී පාෂාණ සිතුවම් සඳහා ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියාවේ බටහිර කිම්බර්ලි කලාපයෙන් හමුවිය. සිතුවම මත හා ඊට යටින් බැඳ තිබූ දෙබර කූඩු විකිරණ කාබන් කාල නිර්ණයට ලක්කිරීම මගින් සිතුවමේ වයස ආසන්න වශයෙන් ගණනය කර ඇත.
"මෙම කැන්ගරු රූපය මීට වසර 40,000කට පමණ පෙර අග්නිදිග ආසියාවේ දූපත්වලින් හමුවුණු පාෂාණ සිතුවම් වලට සමාන වන අතර එය සංස්කෘතික සම්බන්ධතා සම්බන්ධව ඉඟි සපයයි" යනුවෙන් මෙම සොයාගැනීමට සම්බන්ධ කණ්ඩායමේ සාමාජික, බටහිර ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ස්වෙන් ඕස්මාන් මහතා පවසයි.
මේ වසර මුලදී පර්යේෂකයන් විසින් ලොව පැරණිතම සත්ව ගුහා සිතුවම ඉන්දුනීසියාවේ සුලවාසි දූපතෙන් සොයා ගන්නා ලදී. එය සාමාන්‍ය සතෙකුගේ ශරීර ප්‍රමාණයට අඳින ලද ඌරෙකුගේ සිතුවමකි.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.