මිසයිල ප්‍රහාරයකට ලක්වී කඩාවැටුණු එම්එච් 17 යානයේ ගමන්ගත් සියළු දෙනා සිහිකරමින් ඕස්ට්‍රේලියාව ශෝක දිනයක් ප්‍රකාශයට පත්කැර තිබේ.

ජූලි 17 නැගෙනහිර යුක්රේනයේදී වු මෙම අනතුරින් මියගිය 298 ‍දෙනාගෙන් 38 ක් දෙනෙක්ම ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ එහි පදිංචි කරුවෝය.

ඔස්ට්‍රෙලියානු අගමැති ටෝනි ඇබොට් පවසන්නේ අනතුරේ වැරදි කරුවන් කවුරුන්දැයි නිශ්චය කිරීමට කාලය ගතවුව ද අනතුරින් මියගිය අයට ගෞරව කිරිම සහ එම පවුල්වල ජීවත්වන්නන්ට ශෝකය පළකිරීම අවශ්‍ය බවයි.

ඕස්ට්‍රෙලියාව පුරා  ජාතික කොඩි අඩකුඹු කර ඇත. ශෝක ප්‍රකාශිත උත්සවය මෙල්බර්න් නුවරදි පැවැත්වීය.

මෙම අනතුරින් තම දෙමාපියන් අහිමිවු පෝල් ගාර්ඩ් විදේශ මාධ්‍යයට පවසා ඇත්තේ සටන් විරාමයකට මෙම අනතුර උත්ප්‍රේරකයක් වේ යැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ඕස්ට්‍රේලියාව මියගිය අයට එසේ ගෞරව දක්වද්දී ඕලන්ද අගමැති මාර්ක් රූටේ මියගිය අයගේ ඉතිරිව ඇති මිනිස් කොටස් සෙවීම නවතා දැමීමට තීරණය කළේය. කැරළිකරුවන්ගෙන් එල්ලවන විරෝධතා එයට හේතුවී තිබිණි.

ඇමරිකාව සහ යුරෝපා සංගමය රුසියානු බෙදුම්වාදි කැරලි කරුවන්ට මෙම ප්‍රහාර සම්බන්ධයෙන්  චොදනා එල්ල කරයි.Australia 1 - Copy Australia 2