කඳුනගින්නන් අතර ජනප්‍රිය ඕස්ට්‍රේලියාවේ උරුළු කඳුවැටිය හෙට(26) දිනයේ සිට සංචාරකයන් සඳහා වසාදැමීමට තීරණය කර ඇති බැවින් අද බොහෝ පිරිස් කන්ද තරණය කිරීම සඳහා පැමිණ ඇතැයි වාර්තා වේ.
ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා අලුයම් කාලයේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණු බව උද්‍යාන බලධාරීහු පවසති.
අයාස් පර්වතය ලෙස හැඳින්වුණු මෙම ශෛලමය කන්ද ස්වදේශික අනන්ගු ජනකොට්ඨාසයේ පූජනීය ස්ථානයකි.
කන්ද සංචාරකයන්ගෙන් නිදහස් කර දෙන ලෙස එහි පාරම්පරික උරුමකරුවන් වන අනන්ගු ජනතාව දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කර තිබිණි.
කෙසේවුවද කන්ද සංචාරකයන්ට තහනම් කරන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත්කරන ලද්දේ 2017 වර්ෂයේදී ය.
දැඩි සුළං හා අධික උෂ්ණත්වය හේතුවෙන් උරුළු පර්වතය තරණය කිරීම දුෂ්කර කාර්යයක් වන අතර කඳු නැගීමට ගිය සංචාරකයින් කිහිපදෙනකු මියගොස් ඇතැයි ද සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියාවේ උරුළු පර්වතය තරණය කරන්න දහස්ගණන් පිරිස් ඇදී එති