ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලිබරල් පක්ෂය අගමැති මැල්කම් ටර්න්බුල් එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ එලෙස ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පක්ෂ කුමන්ත්‍රණයකින් ඕස්ට්‍රේලියා අගමැතිවරයාට එලෙස පක්ෂ නායකත්වය අහිමි වී ඇතැයි ද එම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
ලිබරල් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් හටගත් අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අද (24) ඡන්ද විමසීමක් පැවැත්විණි.
එහිදි වත්මන් ආණ්ඩුවේ වත්මන් ආණ්ඩුවේ භාණ්ඩාගාරික (මුදල් අමාත්‍යධුරයට සමාන කාර්යභාරයක් ඇති අමාත්‍යධුරයක්) ස්කොට් මොරිසන් ඉන් ජය ලැබීමට සමත්ව තිබේ.
එහිදි ස්කොට් මොරිසන්ට ඡන්ද 45ක් ද ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් ට හිමිව ඇත්තේ ඡන්ද 40ක් පමණි.
නායකත්ව තරගයට ටර්න්බුල් ඉදිරිපත් නොවීය. මැල්කම් ටර්න්බුල්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නැයි ලිබරල් පක්ෂය තුළින් දැඩි විරෝධයක් එල්ල වූ අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඡන්දයක් පවත්වන්නැයි ද පක්ෂයෝ බොහෝ දෙනෙක් ඉල්ලා සිටියහ. ඒ අනුව මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි
055
COMMENTS
පක්ෂ කුමන්ත්‍රණයක් මේකට මුල් වෙච්ච බව ඇත්තක් වුණාට කුමන්ත්‍රණ කරුවාට යනඑනමං නැතිකර තමාගේ අනුප්‍රාප්තිකයා අගමැතිකමට පත් කිරීමට හිටපු අගමැති සමත්වුණා. දින දෙකකට පෙර පීටර් ඩටෝන් අගමැති මැල්කම් ටර්න්බුල්ට අභියෝග කර පරාජය වුවත් නැවතත් අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබාගෙන අභියෝග කළපසු ටර්න්බුල් මහතා අගමැතිකමින් ඉවත්වී තමා වෙනුවට තමාගේ හිතෛෂිවන්ත මොරිසන් මහතාට ඒ තනතුර ලැබෙන ආකාරයට කටයුතු කළා. බයිසිකලයක්වත් නැතුව පාර්ලිමේන්තුවට පත්වී වසර කිහිපයකින් කෝටිපතියන් වන ලංකාවේ මෙන් නොව කෝටිපතියෙකු වන හිටපු අගමැති ටර්න්බුල් මහතාට අගමැතිකම ලැබෙන විට ඔහු ඕස්ට්‍රේලියානු කෝටිපති ලැයිස්තුවේ 182 වැන්නා වූ නමුත් අගමැතිකමේ කාර්ය බහුලත්වය නිසා ඔහුගේ ධනය පිරිහී මේ වනවිට 197 වෙනියා දක්වා පහළ බැස තියනවා.
හා හා ඒ ඕස්ට්‍රේලියාවේ නමුත් මේ ලංකාවේ "හරකුන්ට" ඒවා අදාළ නැහැ.