වියානාහිදීය (රොයිටර්ස්)
තෙල් නිෂ්පාදනය සීමා කිරීම සඳහා තෙල් අපනයනය කරන රටවල සංවිධානය මේ සතියේදී එකඟතාවයකට එළැඹීමට නියමිත බව වාර්තා වේ.
මේ අනුව තෙල් නිෂ්පාදනය දිනකට තෙල් බැරල මිලියන 1.3ක් දක්වා අඩු කිරීම සඳහා තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) සහ එහි මිත්‍ර පාර්ශව එකඟතාවයකට එළැඹෙනු ඇතැයි පැවසේ.
තෙල් නිෂ්පාදනය සීමා කිරීමට මෙතෙක් පැවැතිවම ප්‍රබලම බාධාව වූයේ රුසියාවේ විරෝධතාව බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් බ්‍රහස්පතින්දා වියානා හිදී හමු වී මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතව අතර ඉන් අනතුරුව සිකුරාදා රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
ගෝලීය ආර්ථිකය දුර්වල වීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය වැඩි වීම නිසා තෙල් අතිරික්තයක් නිර්මාණය වනු ඇතැයි තිබෙන බියත් නිසා බොරතෙල් මිල ගණන් පහත වැටෙමින් තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd