එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (13) පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය.
මහ ලේකම්වරයාගේ එම පාකිස්තාන සංචාරයේ ප‍්‍රධාන අරමුණ වූයේ ඉන්දු පාකිස්තාන දේශසීමා අර්බුදය ගැන පාකිස්තාන රජයෙන් කරුණු විමසීමය.
විශේෂ ආරක්ෂාවක් යටතේ ඉස්ලාමාබාද් නුවරට පැමිණි මහ ලේකම්වරයා පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මෙන්ම ජනාධිපති අසීෆ් අලී සර්දාරි හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වීය.
න්‍යෂ්ටික බලයට හිමිකම් කියන ඉන්දියාවත් පාකිස්තානයත් අතර දේශසීමා අර්බුදයක් නිර්මාණය වූයේ ඊට සතියකට පමණ පෙර, පාකිස්තාන සෙබළුන් කණ්ඩායමක් ඉන්දීය දේශසීමාවට ඇතුළු වී කළ වෙඩි තැබීමකින් ඉන්දීය සෙබළුන් පස් දෙනකු මිය යෑමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි.
පාකිස්තානය තරයේ කියා සිටින්නේ තමන් ඉන්දීය දේශසීමාවට ඇතුළු නොවූ බවත් ඉන්දීය සෙබළුන්ට වෙඩි තැබීමක් නොකළ බවත්ය. අර්බුදය දුරදිග ගියහොත් දෙරට අතර න්‍යෂ්ටික යුද්ධයක් හටගැනීමේ අවදානමක් ද පවතින බව දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
එම වෙඩි තැබීම මුල්කොට ගනිමින් නවදිල්ලියේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ද දැවැන්ත විරෝධතා රැලි පැවැත් විණි.
ඉන්දු පාකිස්තාන හමුදාපතිවරුන් එම වෙඩි තැබීමේ සිද්ධිය ගැන සාකච්ඡුා පැවැත් වූ නමුත් අර්බුදය විසඳා ගැනීමට නොහැකි විය.
පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස නවාස් ෂරීෆ් දිවුරුම් දුන් අවස්ථාවේදී අවධාරණය කළේ ඉන්දියාවත් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු සූදානම් බවය.
මීට අමතරව ඇද හැළෙන මහ වැසි හේතුවෙන් පාකිස්තානයේ ප‍්‍රදේශ රැුසක හටගෙන ඇති ජලගැලීම් නිසා උන්හිටිතැන් අහිමි වූ දහස් ගණනක් වැසියන්ට සහනාධාර ලබා දීම ගැන ද මහ ලේකම්වරයා සොයා ලැබුවේය.
COMMENTS
එන්නකො ලංකාවට......... (ස)
ඒ ගමන එතරම් සුබදායක නැහැ. අපට මතකයි මෙයාලා ඉරාකෙට ගිහිල්ලා ආපසු ආවාම වෙච්චදේ. ඉරාකය තවම අමු සොහොනක්.(ස)
ගිය තැන විනසයි වැද්ද ගන්න එපා (අ)
ගියොත් නැති ප්‍රශ්නයක් ඇති කරලා එයි. (අ)