දකුණුදිග පැසිෆික් සාගර කලාපය හරහා ෆිජි දුපත් දෙසට හමා එන එවන් සුළිකුණාටුව ප‍්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන ඇතැයි එරට කාලගුණවිද්‍යා අංශ සඳහන් කරයි. මෙම ස්වභාවික ආපදාවට පෙර සූදානමක් ලෙස ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස සංචාරකයන්ට සහ වෙරළාසන්න ප‍්‍රදේශවාසීන්ට එරට රජය දැනුම්දී ඇත. මීට පෙර සැමෝවා රාජ්‍යයට මෙම සුළි කුණාටුවෙන් දැඩි හානි සිදු වූ අතර ෆිජි දුපත්වලට ද ඉන් විශාල හානි සිදුවිය හැකි බවට කාලගුණවිද්‍යා අංශ අනතුරු අඟවයි. සුළි කුණාටුවෙන් සැමෝවා රාජ්‍යයේ වැසියන් හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ජීවිතහානි ප‍්‍රමාණය ඉහළයාමේ වැඩි ඉඩක් පවතින බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. හෙට දිනයේදී එවන් සුළි කුණාටුව ප‍්‍රබලත්වය පැයට කිලෝමීටර් 300ක වේගය ඉක්මවමින් ෆිජි දුපත්වලට ඇතුළු විය හැකි බව එරට ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.