IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එරිත්‍රියාවේ අගනුවරට රොකට් ප්‍රහාර

 

ඉතියෝපියාවේ ටයිග්‍රේ කළාපයේ සිට එරිත්‍රියාවේ අගනුවර වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ ප්‍රාදේශීය මාධ්‍ය පවසති.

ටයිග්‍රේ කළාපය පාලනය කරන කැරළිකාර කණ්ඩායමේ නායකයා ප්‍රහාරයේ වගකීම බාරගනිමින් කරමින් අද (15) ප්‍රකාශයක් නිකුත් කර ඇත.

සෙනසුරාදා (14) රාත්‍රියේ ඉතියෝපියාවේ සිට එරිත්‍රියාවේ අගනුවරට අවම වශයෙන් රොකට් ප්‍රහාර තුනක් එල්ලවී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. එයින් රොකට් ප්‍රහාර දෙකක් අස්මාරා ගුවන් තොටුපලට වැටී ඇත.

ටයිග්‍රේ කළාපයේ කැරළි නායක ඩෙබ්‍රේෂන් මේ සමිබන්දව අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය දින කිහිපයේ තම හමුදා එරිත්‍රියාවේ පෙරමුණු කිහිපයක සටන් කරමින් සිටින බවයි.

කෙසේවුවද එරිත්‍රියාවේ රජය, තමන් සටන් සඳහා සම්බන්ද වී ඇති බව ප්‍රතික්ෂේප කර තිබේ.

එරිත්‍රියානු විදේශ අමාත්‍ය ඔස්මාන් සාලේ මොහොමඩ් මහතා පවසා ඇත්තේ "අපි ගැටුමේ කොටස්කරුවන් නොවේ", යනුවෙනි.

එරිත්‍රියාවේ විශාල ස්ථාවර හමුදාවක් සිටින අතර ඇමරිකානු සීඅයිඒ භටයන් 20,000 ක් පමණද ඔවුන්ගේ සහායට සිටිති.

බීබීසී ඇසුරිණි

085



අදහස් (0)

එරිත්‍රියාවේ අගනුවරට රොකට් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site