යුරෝපා මහාද්වීපයේ රටවල් රාශියකට මේ වනවිට බලපෑ ඇති දැඩි ශීත කුණාටුමය තත්ත්වය මගින් ඇතිවූ අයහපත් කාලගුණය නිසා පුද්ගලයන් 59 දෙනෙකුට අධික ප්‍රමාණයක් මේ වනවිට මියගොස් ඇති බව AFP ප්‍රවෘත්ති සේවය පවසයි.
ඒ අතර පෝලන්තයට බලපෑ ඇති දැඩි අයිස් සහ හිමපතනයන් සහිත ‘එමා’ ශීතකුනාටුව නිසා ඇතිවූ අහිතකර කාලගුණය නිසා පුද්ගලයන් 23 කට අධික ප්‍රමාණයක් දැනට මියගොස් ඇතැයි සඳහන් කරයි.
මේ අතර බලපෑ ඇති අයහපත් කාලගුණයෙන් අයර්ලන්තයේ දහස් ගණනාවකට විදුලිබලය නොමතිව සිටින අතර ප්‍රවාහන පහසුකම් සහ ගුවන් ගමන් බොහොමයක් අත්හිටවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ලන්ඩන්,පැරිස්,හා බ්‍රසල්ස් අතර යුරෝස්ටාර් ක්‍රියාත්මක බොහෝ දුම්රිය ගමනාගමන සේවාවන් බොහොමයක්ද නවතා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.ඇතැම් දුම්රිය අධික හිම පතනයන් නිසා පැය ගණනාවක් නතරකර සිටීමට සිදුවූ බවද වාර්තාවේ.ඇතැම් දුම්රිය පැය 14 කට අධික කාලයක් හිම ඉවත් කරනතුරු මගීන්ට දුම්රිය මැදිරි තුලම කාලය ගතකිරීමට සිදුවුබව එම දුම්රිය මගීන් පැවසු බව විදෙස් වාර්තා වල දැක්වේ.
අයහපත් කාලගුණය නිසා ස්විට්සර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපලද පසුගියදා වසා දැමීම සිදු කලද නැවත එය විවෘත කර ඇත.
අයර්ලන්තයේ ඩබ්ලින් හා කෝක් ගුවන් තොටුපළවල ගුවන්යානා පැමිණීම සහ පිටත්වීම ලබන සෙනසුරාදා වනතුරු සම්පුර්ණයෙන්ම අත්හිටවා ඇති අතර මහජනතාවට වාහන පැදවීම නොකරන ලෙසටද එරට රජය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇතැම් ප්‍රදේශවල රාත්‍රී කාලයේ උෂ්ණත්වය 15C (5F) වන අතර තවත් ප්‍රදේශයක එය තවත් අඩු අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
-255


2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එමා’ ශීත කුනාටුව නිසා යුරෝපයේ ජනජීවිතය අඩාලවේ
sumithra dharmasena wijesekara Saturday, 03 March 2018 07:15 PM
සීතල දර ගන්න බැහැ, නමුත් යුරෝපියන් කාර්ය බහුලත්වය තුලින් , උණුසුම් වන්නෝය.