එක්සත් රාජධානිය ක්‍රිස්තියානි රටක් බවත් එසේ පැවසීමට බිය විය යුතු නැති බවත් එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් කියයි.
ජේම්ස් රජුගේ බයිබලයේ 400 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.
ජිවත් වීමට ඉඩ දෙන සංකල්පය ඔස්සේ අන්‍යාගමිකයන්ටද එවන් රටක ජිවත් වීම ආරක්‍ෂිත බව හෙතෙම පැවසිය. එමෙන්ම ක්‍රිස්තියානි රටක් වූ පළියට අනෙක් ආගම වලට එරෙහිව ක්‍රියා කිරීම වැරදි බව ද කැමරන් ප්‍රකාශ කළේය.
ප්‍රංශය වැනි රටවලට වඩා එංගලන්තයේ යුදෙව්වන්ට සහ ඉස්ලාම් ආගමට නිදහස ඇති බවත් එංගලන්තය අනෙක් ආගම් වලටත් වාසස්ථානයක් වීම පිළිබද සතුටුවන බවත් අගමැතිවරයා සදහන් කළේය.
රටක් ශක්තිමත් වීමට අන්‍යාගම් ද අවශ්‍ය බව හෙතෙම පැවසීය. තම රටේ ක්‍රිස්තියානි අනන්‍යතාවය පවතිනතුරු අන්‍යාගමිකයන්ට තම ආගම ඇදහීමට නිදහස ඇති බවද ඔහු කීවේය. එංගලන්තයේ ආගම් අනුව ප්‍රතිශතය ක්රිස්තියානි: 72% ආගමක් නොමැති: 16% මුස්ලිම්: 3% හින්දු : 1%කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය ක්‍රිස්තියානි රටක් තමයි ඒකෙ කිසිම වැරදීමක් නැහැ. හැබැයි එහෙම කියන කැමරන්ලා ලංකාව බෞද්ධ රටක් කියලා පිළිගන්න කැමති නැහැ. (නි)
රෝෂන්, ප්‍රියංගා, කරු, උපාලි, ඔයාලා හරි. ඔය කියන සංහිඳියාව ගැන මහා ලොකුවට කතාකරන අයගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනකම් විතරයි. සංහිඳියාව කියන්නේ ඊටපස්සේ ඒ අයගෙම මතයයි. එදාට ඔය කියපු සංහිඳියාවේ කෑලිවත් නැතුව තියෙයි. (නි)
කිසියම් රටක් යම්කලෙක මුස්ලිම් ආගමට නතු වේද එම රටේ අන්‍යාගමික අනන්‍යතාවය නැතිවී යනු ඇත. ප්‍රත්‍යක්ෂයි අත්දුටුවයි (බ)
හැබැයි 6% වුණදාට ඔය කියපු සංහිඳියාවේ, කෑලිවත් නැතුව තියෙයි. (නි)
අපේ රටෙත් මෙහෙම වෙනවානම් කොච්චර හොදයිද.? (ර)
ඕනෑම රටක ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තිබිය යුතුයි කියලා ලෝක නීතියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පනවා ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටවිය යුතුයි .එහෙම වුනොත් මේ එක එක රටවල ආගම් ප්‍රශ්න පැන නගින එක ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙයි .(හේ)
නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තියෙන්නේ? (හේ)
එ්කටත් එක්ක අපේ රටේ! (නි)
එ්කට අපේ රට! (නි)
ඒ වුණාට කැමරන් මහත්තයෝ අපේ රටේ මීටත් වඩා නිදහස තියනවනේ. (නි)
ශ්රී ලංකාවේත් බෞද්ධ අනන්‍යතාවය පවතිනතුරු අන්‍යාගමිකයන්ටත් තම ආගම නිදහසේ ඇදහීමට නිදහස ඇත. (නි)
ඉංග්‍රීසීහු ලංකාවේ ආගම පැතිරවීම සම්බන්ධයෙන් ගෙනගිය භීෂණය දන්නෝ දනිති. (නි)